Chapter 14

513 149 18
                                    

ජීමින්ට අනුව නම් එයාගේ ජීවිතේ එපාම කරපු මාස එක හමාරක් මේ ගෙවෙන්නේ. ඇදක් උඩට වෙලා දවසම ඉන්න එක විසේකාර ජීමින්ට දිරවන්නෙ නැති තරම්. දැනට සති දෙකක් වෙනවා ජීමින් ජන්කුක්ගේ ගෙදරට ඇවිත්.

"දැන් ටිකක් ඇවිද්දොත් හොදයි නේද ? කකුල් දෙකට එක්සර්සයිස් එකක් නේ."

"මට පුලුවන් නම් ඇවිදන් යනවනේ ගොන් හරකෝ මගේ ගෙදරටම. තමුසෙ හිතන් ඉන්නේ ඒලියන් කෙනෙක් වගේ ඉන්න තමුසෙගෙ මේ ග්‍රහලෝකේ ඇතුලෙ මං කැමැත්තෙන් ඉන්නවා කියලද ? පිටසක්වලයා.. "

"මොකක්ද ඕයි වචන දහයක් හොදින් කතා කරන්න බැරිද ? කවුද දැන් කිව්වේ තනියම ඇවිදින්න කියලා ? මං කිව්වේ මං උදව් කරන්නම් කියලා."

"ඉතින් එහෙම එකක් කිව්වේ නෑනේ ඔයා. දැන් කිව්වේ ඇවිදින්න කියලනේ. උදව් කරන කතාවක් කිව්වේ දැන්නේ."

"තමුසෙ එක්ක කතා කරනවට මට ගහන්න ඕනි."

ජන්කුක් ඔරවගෙන කියද්දි ජීමින් හිනා වුණේ කොල්ලව තරහ කරගන්නැතුව කොහොම හරි ඇවිදගන්න ඕනි නිසා. ජීමින් වෙලාවටත් කලින් බෙහෙත් බීපු නිසා දැන් නම් කොල්ලට යම්තාක් දුරට සනීපයි. එදා වුණ දෙයින් පස්සේ ජන්කුක් බෙහෙත් දෙන්න කලින් කොල්ලා සේරම බෙහෙත් ටික බොනවා. ජන්කුක්ටත් ඕනි වුණේ ඒ දේ නිසා හිත යටින් ඒ ගැන පොඩි ආඩම්බරේකුත් තිබුණා. මොනා නැතත් ජීමින්ගේ ෆස්ට් කිස් එකනෙ.

"වම වම.. අනී.. වම දකුණ අදුරන්නැද්ද මෝඩ මිනිහෝ. ඔය වමද ? "

"හරි හරි වම හරි දකුණ හරි... මේක මේ මිලිටරි ට්‍රේනින් එකක් නෙවෙයිනේ. වම තිබ්බත් මොකෝ දකුණ තිබ්බත් මොකෝ. තමුසේ මාව ඇවිද්දනවකෝ. මං බලාගන්නම් වමයි දකුණයි ගැන."

"හහ්.. පුදුම ලොකු කමක්නේ මේක."

"ඒ මගේ හැටි."

"හැව් හැව් තමයි."

ජීමින්ට ඇද කරලා ජන්කුක් ජීමින්ගේ බෙල්ල වටේ අත දාගෙන අඩියෙන් අඩිය ඇවිද්දුවා. ජීමින් කොට නිසා ජන්කුක්ගේ අතේ එල්ලුණාම වැඩි හරියක් පොලොවෙන් උඩ තමයි අඩිය තිබ්බේ. ඒ වෙලාවට මෝඩ හිනාවක් දාලා ජන්කුක්ගේ තරහ පාලනේ කරන්න ජීමින් හොදට දන්නවා.

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now