ජීමින්ගේ කාර් එකෙන් බැහැපු ගමන් බඩ අල්ලන් බිමට නැමුණ ජන්කුක් වේගෙන්ම හුස්ම ගන්න විදිහ ජීමින් ඉණට අතක් තියාගෙන බලන් හිටියේ එලියට පනින්න හදන හිනාව නතර කරගන්න බැරුව.
"කුක්කා.. ඊගාව පාර අපි ටැබ්ලට්ස් මොනා හරි අරන්ම රයිඩ් කරමු. නැත්තන් ඔයාට අමාරුයිනේ."
හිනාව අතරින්ම කියද්දි ජන්කුක් ආයෙම මාස්ක් එක දාගත්තේ මෙතන ඉදන් ෆෑන් කෙනෙක්ට අහු වෙන්න බැරි නිසා. ජීමින් තමන්ව එක්කන් ආවෙ කොහෙද කියලා දැක්කම රතු වෙන්න ගත්තු ජන්කුක්ගේ අත මිට මෙලවුණේ තරහටමයි.
"යාහ්.. මං ඇක්ටර් කෙනෙක්. මේ මොන මගුලක්ද මිනිහෝ."
"චහ්.. කුක්කා මං තමුන්ට වඩා වැඩිමල් කියන එක සැරෙන් සැරේ මතක් කරන්න වෙනවනේ."
"මට බෑ මෙතන්ට යන්න. මේකෙ තැම්බෙන්න වුවමනාවක් නෑ මට."
"මුලු කොරියාවෙන්ම සැව්නා එකකට යන්න අකමැති එකම පිරිමියා තමුන්ද කොහෙද.. මෙන්න මෙහෙ එනවා හලෝ. මේක මරු වැඩක්.
ආහ්... චිකන් බකට් එකක් මං ගානේ."එහෙම කියන ගමන් සැව්නා එක ඇතුලට ගියපු ජීමින් හැන්ගිලා තිබුණ කැමරාවක් දැකපු නිසාම ඇගිලි තුඩු වලින් ඉස්සිලා ජන්කුක්ගේ බෙල්ල වටේ අත යවලා අල්ල ගත්තේ ජන්කුක් ඈත් වෙන්න උත්සහ කරද්දි.
"නටන්නැතුව ඉන්නවා. කැමරා පිටිපස්සේ."
කර කියා ගන්න දෙයක් නැතුව ජන්කුක් ජීමින් එක්කම සැව්නා එක ඇතුලට ඇවිත් බ්‍රව්න් කලර් ෂෝට් කලිසමට ටී ෂර්ට් එක ඇදගත්තේ මූණත් අකුළුවන්. ජීමින්ට නම් ඒ කිට් එක කියුට් වුණත් ඒ දිහා බලලා ඔරවපු ජන්කුක් අතේ තිබුණ ටවල් එක බෙල්ලෙ වටේ දාගෙන ඉස්සර වුණේ ජීමින්ගේ උරහිසේ හැප්පීගෙනමයි.
"ඒයි කුක්කා.. ඔහොම ඉන්නවා මං එනකන්."
තමන්ගේ පිටිපස්සෙන් කෑ ගහ ගහ එන ජීමින්ව තඹ සතේකට මායිම් නොකර ගියපු ජන්කුක් මෙතන යන දිහාවක් නම් දැනන් හිටියෙ නෑ.
"ආයිෂ්.. ඔතන්ට යන්න එපා. මෝඩ කුක්කා.. ඔහොම ඉන්නවා.."
ජන්කුක් ගියපු රූම් එක දැකලා ඔලුවට අතක් තියාගත්තු ජීමින් එතන්ට ගියේ ජන්කුක්ගේ තරහෙන් පුපුරන මූණත් මතක් කරගෙන.
YOU ARE READING
•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionJikook fiction by blacklove Published date :- 2022.03.23 Finished date :- 2022.05.17