Baby girl 💃(39)

3.3K 592 350
                                    


දැනට අජුම්මා ගෙදරින් ගිහින් දවස් හතරක් පහක්ම ගෙවීගෙන ගිහින් තිබ්බා.....

කලින් දවසේ රෑ  ටිකක් පාන්දර වෙලා නිදා ගත්ත එකේ ප්‍රතිඵල විදිහට ටේහියුන්ග්ට පහුවෙනිදා උදේ ඇහැරුනේ එයා වෙනදා නැඟිටින වේලාවේත් පැය දෙක තුනකට විතර පස්සෙයි....

ඇඳේ හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වෙන ගමන් තමන්ගේ ඇඳේ වම් පැත්තට ඔලුව හැරෙව්ව ටේහියුන්ග්ට දකින්න පුලුවන් උනේ කවුරුත් නැති හිස් ඇඳ විතරයි....

රාත්‍රීයේ මිකි මවුස් පිජාමා එකකුත් ඇදගෙන තමන්ගේ අත උඩ ඔලුව තියාගෙන ඇඟිලිත් නටව නටව හුරතල් කතා කියවමින් හිටිය ජන්කුක්ට ජේජූ ගමන නිසා ඇඟෙන් දැනුන තෙහෙට්ටු ගතියට නොදැනීම නින්ද යද්දි ඇඟිලි උර උර තමන්ගෙ උණුහුමට තුරුලු වෙලා හිටිය පුංචි හා පැංචාව ටිකකට ඈත් කරපූ ටේහියුන්ග් ජන්කුක්ගේ සම්පුර්ණ ඇඟම ඩුවට් එකෙන් වහාලා එයාගේ වැඩ කරන කාමරේට ගියේ ජෙජූ ඉන්න දවස් වල අතපසු උන කම්පැනි එකේ වැඩ ටික කරන්න....

නොදැනීම පැය එක , දෙක ගෙවීලා යන අතරේ තවත් ඇස් දෙක ඇරගෙන ඉන්න අපහසූම උන තැන ටේහියුන්ග් එයා ඉදගෙන හිටිය පුටුවෙන් නැඟිටලා ආයේම ආවේ තමන්ගේ නිදන කාමරේට....

මුලින් කාමරේන් එලියට යද්දි ජන්කුක් ඇඳේ හෙඩ්බෝර්ඩ් එක පැත්තට ඔලුව හරවන් හිටියාත් ඇඳේ තව ඉඩ තියෙනවා නම් ඔරලොසුවේ කට්ට වගේ හැම පැයේම නින්දෙන් ඇඳ පුරාම කැරකෙන ජන්කුක් ටේහියුන්ග් ආයේ කාමරේට එද්දි හිටියේ ටේහියුන්ග්ගේ කොට්ටේ අස්සේ කකුල් දෙක ගහගෙන ඇඳේ හරස් අතට වැතිරිලා.....

මහපට ඇඟිල්ල උර උර නින්දෙනුත් හිනා වෙවී ඉන්න ඒ පුංචි පුලුන් බෝලේ දිහා ටික වේලාවක් ඇඳ පාමුල හිටගෙන බලන් හිටිය ටේහියුන්ග් ජන්කුක්ව අත් අතරට අර ගන්න ගමන් එයාවත් පපුවට තුරුලු කරන් නින්දට වැටුනේ ජන්කුක්ද ටේහියුන්ග්ගේ උණුසුම හොයන්න වගේ නින්දෙන්ම ටේහියුන්ග්ගේ ටීශර්ට් එක අස්සට අත දාද්දි.....

කොහොම උනාත් කලින් දවසේ පාන්දර වෙනකම් ඇහැරගෙන හිටිය එකට ටේහියුන්ග්ට වැඩිපුරත් එක්ක නින්ද ගියාත් හොඳ ලමෙක් උන ජන්කුක් නම් ටේහියුන්ග්ට කලින්ම  අවදි උනා....

චන්ඩි    (Completed ✅)Where stories live. Discover now