🖤පස්වන දිගහැරුම💎

723 164 18
                                    

අද පීට්ගෙ මල වදේ නිසා යුනි ගියා මිසක් මං හිටියේ හොඳ මූඩ් එකකින් නෙවේ..ඒ වෙන මොකුත් නිසා නෙවෙයි.අර නපුරා නිසා.ඇත්තටම එයාට මොකක් උනාද කියලා මට හිතාගන්න බෑ.එයා හොඳින් ඉන්නවා ඇතිද? අනේ දෙවියනේ ශන්ගට කරදරයක් නම් වෙන්න එපා. මං දෙවියන්ගෙන් ඕක ඉල්ලපු නැති වෙලාවක් නැති තරම්. එයාව මට කොච්චර ඕනිද කියලා දැකපු නැති  මේ ටික දවසට මං තේරුම් ගත්තා.

"අපි අද රෙස්ටුරන්ට් එකකට යමුද .?අර අලුත් ඕපන් කරපු එකට?"අපිත් එක්ක හිටපු එකෙක් ඇහුවා.

"මාත් කියන්නමයි හිටියේ...යමු" පීට් ඇස් ලොකු කර කර කිව්වා.

මුට ඉතින් කෑමෙන් තොර ලෝකයක් තියෙද .මං කිසිම හැඟීමක් නැතුව ඔහේ ඇවිදන් ගියා.මොනවා...!අහම්බෙන්  මං දැක්කා එයා පාරෙන් එහා පැත්තේ කාර් එක නවත්ත ගෙන ඉන්නවා.එයාව දැක්කා විතරයි මට මුළු ලෝකෙම අමතක වෙලා මං එතනට දිව්වා. මං මේ ඉන්නේ පාරේ කියලා වත් මතක් නොවෙද්දී මං එයාව තද කරලා බදාගත්තා.

"ඔයා කොහෙද හිටියේ ශන්ගා? මං කොච්චර බය උනාද?..." එයාව අත්නොහැරම මං ඇහුවා.

"ආහ්..මං කොරියා ගියා "

"මං කොච්චර හෙව්වද ඔයාව .?ඇයි මට කිව්වෙ නැත්තේ ?අඩුම තරමේ මට මැසේජ් එකක් හරි දාන්න තිබ්බා ඔයාට .අනික අනික ඔයා මට බොරු ඇඩ්‍රස් එකක් දුන්නෙ ඇයි ?"

"යීබෝ අපි පාරේ ඉන්නේ.පොඩ්ඩක් වට පිට බැලුව නම් නරකද ?"

එතකොටයි මට සිහි උනේ මේ පාර කියලා .ඒ වගේම මගෙ යාලුවො ටික.උන් මං දිහා බලන් ඉන්නවා අමුතු සතෙක් දැක්කා වගේ වෙද්දී  පීට් බැලුවේ හරියට උඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ වගේ බැල්මකින්.ඒ ටික දැක්කම මං ශන්ගව අතෑරියා.අතෑරියා නෙවේ ඇත්තම කිව්වොත් අතෑරුනා.

".මට ඔයා එක්ක කතා කරන්න ඕනි."

"ම්ම්න් ...නගින්න"

"ඉන්න මං අරගොල්ලන්ට කියලා එන්නම්.එයාලා අර අලුත් රෙස්ටුරන්ට් එකට යනවා කිව්වා."

"එන්න කියන්න. මං එයාලව මගින් බස්සන්නම්"

"කමක් නෑද? "

BLAcK DiAmOnD 💎 (Completed )Where stories live. Discover now