පාසල් ඇරිලා යීබෝ පාර දිගේ යන ගමන් හිටියා.යීබෝගේ ලඟින් කාර් එකක් නැවැත්තුවා.
"යීබෝ නගින්න කාර් එකට "
"ශන්ගා..."
"යමු යන ගමන් ඔයාවත් ගේ ලඟින් දාගෙන යන්නම්"
යීබෝත් ආසාවෙන් නැග්ගා. මේ විදිහට හැමදාම යීබෝව කාර් එකේ දාගෙන ගිහින් ගේ ලඟින් බැස්සුවා වගේම නිවාඩු දවසට යීබෝව ගෙදරට ගෙන්නගෙන පාඩම් කියලා දුන්නා. .
.
.
.
"යීබෝ.....ඔය පාඩම තේරුනාද?""ම්ම්ම් ඔව් ශන්ගා..."
"මට ඔයා ඉද්දී පාළු නෑ යීබෝ..හැමදාම මාත් එක්ක මෙහෙම ඉන්නවද?"
"මං ඉන්නවා ශන්ගා "
"මට ඔයාව ගොඩක් වටිනවා යීබෝ.. කොච්චරක්ද කිව්වොත් මට ඒක කියාගන්න බැරිතරම් මට ඔයාව වටිනවා."
"මටත් එහෙමයි ගගා. " එහෙම කියමින් යීබෝ ශාන්ගේ උරහිස උඩ ඔලුව තියාගත්තා.
"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා යීබෝ"
"ම්ම්ම් කියන්න ශන්ගා"
"මං ඔයාට ...මං ඔයාට ආදරෙයි යීබෝ"
"ඉතින් මාත් ආදරෙයිනේ ශන්ගා ඔයාට.ඔයානෙ මගෙ අයියා"
"නෑ...මං කියන්නේ යාළුවෙක් විදිහට වත් සහෝදරයෙක් විදිහට වත් නෙවේ..ඔයාට මං කියන දේ තේරෙනවද?"
"එහෙනම්?"
"ඒ කිව්වේ මට ඔයා එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනි.ඔයා එක්ක හැම සතුටක්ම හැම දුකක්ම බෙදාගන්න ඕනි.මට ඔයා ආස හැමදේම ඔයාට අරන් දෙන්න ඕනි.ඔයාව පරිස්සම් කරන්න ඕනි.ඔයාව වෙන කාටවත් නොදී මගෙ ලඟින්ම තියාගන්න ඕනි.මට ඔයාව මගෙ බෝයිෆ්රෙන්ඩ් කරගන්න ඕනි යීබෝ"
"....................." යීබෝ මොකුත් නොකියා ශාන් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.
"ඇයි මොකුත් කියන් නැත්තේ යීබෝ ?ඔයාට හිතෙන දේ කියන්න"
"මට තේරෙන් නෑ ශන්ගා.හැබැයි මං ආසයි ඔයා මට මේ සලකන විදිහට.ඔයා ලඟ ඉන්න හැම මොහොතකටම ආසයි.තව අනිත් අය එක්ක ඉන්නවට වඩා ඔයා මාත් එක්ක ඉන්නවා නම් මං කැමතියි. ඔයා ලඟ අනිත් ලමයි ඉද්දී මට මොකද්ද වෙනවා.නිකම් කේන්තියක් වගේ එකක් .ඒත් කේන්තියක් නෙවේ..කොහොමහරි මං ඒකට කැමති නෑ. "
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanficවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤