(පැය කිහිපයකට පසු )
මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙද්දී මං අමාරුවෙන් ඇස් ඇරගත්තා.මොනවා! මං මේ කොහෙද ඉන්නේ..?එකෙක් මගෙ මූනට රෙදි කෑල්ලක් තිබ්බා විතරයි මතක ඊට පස්සේ මට මොනා උනාද දන් නෑ.වටේම කළුවරම කළුවරයි. ඒ මදිවට මාව සතෙක් වගේ දම්වැලකින් ගැටගහලා.මං නැගිටින්න හැදුවා.එතකොටම මං හිටපු කළුවර කාමරේ දොර ඇරුනා.ඒ අර කාර් එක අස්සේ හිටපු එකා. ඌ කාමරේ ලයිට් එක දාලා මං ලඟින් ඉඳගත්තා
"හායි යීබෝ .අපි ආයෙම හම්බුනා එහෙනම්."
"ඇයි? ඇයි මාව මෙහෙම තියන් ඉන්නේ ? අනික ඔයා මගෙ නම දන්නෙ කොහොමද? මේ කොහෙද?"
" ඔයා ප්රශ්න පත්තරයක්නේ... මං මෙතන කාටවත් උත්තර දෙන්න බැඳිලා නෑ තේරුනාද?"
"අනේහ් ප්ලීස් කියන්නකො ඇයි මාව මෙහෙම තියන් ඉන්නේ?"
"ඔයා මගෙ හිත හෙල්ලුවා කියුටි.ඒක නිසා මං ඔයා අහපු එක දේකට උත්තර දෙන්නම්.ඔයාව මෙහෙම තියන් ඉන්නේ ඔයාගෙ හස්බන්ඩගෙ වැරදි නිසා"
"ඒ කියන්නේ මේක අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයිද?"
"නෑ කොහෙත්ම නෑ...කොහොම උනත් තෑන්ක්ස් මිස්ටර් යීබෝ ඔයා අපේ මිශන් එක ලේසි කලාට" ඔහු හයියෙන් හිනා වුනා.
"ඔයාලට මොනාද ඕනි මගෙන් ආහ්?"
"ඔයාගෙන් ඕනි දේවල් මං පස්සට තියාගන්නම්. මුලින්ම අපට ඕනි ඔයාගෙ හස්බන්ඩ්ව නැතිකරන්න"
"අනේ මගෙ ශන්ගට මොකුත් කරන්න එපා."
"මෙතන කාරණා දෙකක් තියේ යීබෝ.එක තමයි සනීව මරන්න ඕනි කියන දේ අපේ ලේ වලම තියෙන දෙයක්.දෙක තමයි ඔයා දැන් ඌට මගේ මගේ ගාන්න එපා කියුටි . "
"මට යන්න දෙනවා..."
මං දංවැල හොලවලා කෑගැහුවා.ඔක්කොමත් හරි ඌ මං දිහා බලන බැල්ම මට දරාගන්න බෑ.අනේ දෙවියනේ මගෙ ශන්ගව බේරලා දෙන්න.එයාව මුන්ට නම් අහුවෙන්න එපා දෙවියනේ...මං හැමදෙවි කෙනෙක්ගෙන්ම ඉල්ලුවා.ඒත් එක්කම තවත් මිනිහෙක් ට්රෙ එකක් අරගෙන ආවා.ඒක මං ගාව බිමින් තිබ්බා.ඒකේ තිබුනෙ කෑම.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanfictionවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤