_______________________________________________________🐯💜🐰
HIDDEN BEAUTY 🐰💜
___________________________________________________🐯💜🐰
තමන්ගේ alarm එක මහ හයියෙන් නාද වෙද්දී නිදි ගැට කඩපු ටේහ්යුන් ඇස් ඇරියේ තමන් ඊයේ රෑ තුරුල් කරන් හිටිය ජුන්කුක්ගේ උණුසුම දැන් තමන්ට නොලැබෙන නිසා. ඇඳේ ජුන්කුක් හිටිය පැත්ත සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙනවා දකිද්දී ටේහ්යුන් බාත්රූම් එකෙන් වතුර සද්දයක්වත් එනවද බලන්න විනාඩියක් දෙකක් විතර බාත්රූම් එක දිහා බලාගෙන හිටියා. කිසිම සද්දයක් බාත්රූම් එකෙන් පිට නොවෙද්දි ඉද්ද ගැහුවා වගේ ඇඳේ කෙලින් වුන ටේහ්යුන් ඇස් හැරෙව්වේ කබඩ් එක උඩ තිබුණු ජුන්කුක්ගේ බෑග් එක දිහාවට. ඒකත් එතනම තියෙනවා දකිද්දී ජුන්කුක් ගෙදරින් ගිහින්වත් ද කියලා හිතට දැනිච්ච සැකේ අයින් කර ගත්තු ටේහ්යුන් පොරවන් හිටිය බෙඩ්ෂිට් එක පැත්තකට විසිකරලා දාලා අඩියට දෙකට සාලේ පැත්තට දිව්වේ අතුරුදහන් වෙලා ඉන්න එයාගේ comfy cuddle bunny ගේ රූපේ බලාපොරොත්තුවෙන්. සාලෙත් කිසිම ඡායාක්වක් නොපෙනෙද්දී ටේහ්යුන්ගේ ඇස් ගියේ විදුලි බුබුලු එළියක් දැල්වෙන මුළුතැන්ගෙය දිහාවට. කුස්සිය ඇතුලේ වැඩක යෙදිලා ඉන්න ජුන්කුක්ව දැක්කට පස්සේ තමයි ටේහ්යුන් හිතට සහනයක් දැනුනේ.
🐯 : Good morning ජුන්කුක් !
උදේ කෑමට හදන්න හිතාගෙන හිටිය රාමේන් නූල්ඩ්ස් එකට එකතු කරන්න කියලා කැරට් ටිකක් තීරු කප කප හිටිය ජුන්කුක් ගැස්සුනේ තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු කටහඬ ට . ඒ deep sexy voice එක. ජුන්කුක්ට දැනුනේ ඒ කටහඬ ඇහුන ගමන් පිට දිගේ හිරියක් ගියා වගේ හැඟීමක්.
( අපිටත් ඒ වගේ තමා)
YOU ARE READING
Daddy Application ( Taekook ) /Completed/
Fanfictionඑහෙනම් මේ contract එකට අනුව අද ඉදන් ඔයා තමයි මගේ මාස්ටර්... මට ඕන වුණේ ඔයාගේ boyfriend වෙන්න .... ඒත් කමක් නැහැ ඔයා මාත් එක්ක මාස හයක් ඉන්න පොරොන්දු වුණානේ. .. Top Tae 💜 Bottom Kook 💜