35. A big family 👨‍👨‍👧‍👦

1.6K 139 63
                                    

_____________________________________________🐯💜🐰


කටුක අමියුරු දවස් අවසන
හිනාවෙන නුඹ මාත් එක්ක ම
දිනන හිනහෙන හැම මිනිත්තුව
සමර සමරා මගෙත් එක්ක ම
ඉරට හිනැහෙන හඳට හිනැහෙන අකාලික සිනහවක් අද්දර
නුඹයි මට මගෙ තරු එළිය රන්
අහස් ගඟ ළඟ තනිය නොදැනෙන ....

_____________________________________________🐯💜🐰

🐰 : අනේ මට බයයි ටේ.... ඩොක්ටර් මොනවා කියන්නද දෙයියනේ මෙච්චර වෙලා ගන්නේ..

🐯 : මටත් ටිකක් බයයි තමා බනී. ඒත් pregnancy strip එකේ තිබ්බනේ ඔයා ප්‍රේග්නට් කියලා. ආ... ඩොක්ටර් දැන් හරියටම අපිට confirm කරලා දෙයි...... Test එකේ results එන්නත් ටික වෙලාවක් යනවනේ... භය නොවී ඉන්න..

ජුන්කුක් ටේහ්‍යුන්ගේ අත තද කරගෙන අල්ලන් උරහිස උඩින් ඔළුව තියාගනිද්දී ටේහ්‍යුන් ජුන්කුක්ගේ ඉණ වටේ අත යවලා තමන්ගේ ඇඟට තව ටිකක් ළං කරගෙන ජුන්කුක්ගේ නලලට හාදුවක් දීලා ජුන්කුක්ගේ ඔළුව උඩින් එයාගේ නිකට තියා ගත්තා.

🐯 : ෂ්.... ෂ්.... හැමදේම හොඳට සිද්ධ වෙයි. කලබල වෙන්නෙපා ඔච්චර.

ටේහ්‍යුන් තමන්ගේ උරහිසෙන් ඔලුව තියන් හිටිය ජුන්කුක්ගේ අත කටින් එලියට ඇදලා ගත්තා. ඒ අතේ දැන් හපලම නියපොතු ඇත්තේත් නෑ.

🐰 : අනේ ඇයි results එන්න පරක්කු? ඩොක්ටර්ට කියන්නකෝ ඉක්මන් කරන්න කියලා

🐯 : අපිට ඕන විදියට මේවගේ වැඩ සිද්ධ වෙන්නේ නෑනේ බබා. තව ටිකක් බලන් ඉමු අපි. හාද ?

🐰 : හාං

එහෙම උත්තර දුන්න ජුන්කුක් මූණත් නොරොක් කරගෙන හිත යටින් මුළු hospital staff එකටම දෙහි කපද්දී ටේහ්‍යුන් තවටිකක් ජුන්කුක්ව එයාගේ ඇඟට තද කර ගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 11 ⏰

Add this story to your Library to get notified about new parts!

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now