05. An unforgettable night 💦 🌌

2.6K 307 28
                                    

_____________________________________________________🐯💜🐰

Coffee shop එකේ ඉඳන් තමන් ඉන්න පුංචි apartment එකට ගිය ජුන්කුක් ඇඳේ වැතිරිලා මහන්සිය නිවා ගත්තා. Apartment එකක් කිව්වට ඒක ගෝෂිවොන් එකක්. පොඩි අඩි 6×6 කාමරයක්. ඇඳයි, පොත් මේසේයි, පොඩි කබඩ් එකකුයි ඇරෙන්න ඒ කාමරේ වෙන දෙයක් තියන්න නම් ඉඩක් තිබ්බේ නැහැ.


ටේහ්‍යුන්ව ආකර්ෂණය කරගන්න සරාගීව පෙනෙන හිටියට ඇඳන් හිටිය ripped ජීන්ස් එකයි, තරමක් දුහුල් රෙද්දෙන් මහපු ෂර්ට් එකයි ගලවලා දාපු ජුන්කුක් සැහැල්ලු ටී ෂර්ට් එකකුයි, කොට කලිසමකුයි ඇඳ ගෙන ලැප් එකත් ඔන් කරගෙන ලෑස්ති වුනේ අද රෑ 12ට closing time දාලා තිබුණු assignment එක මිස්ටර් ටේහ්‍යුන්ගේ ගෙදර යන්න කලින් ඉවරයක් කරනවා කියලා හිතාගෙනමයි.

පැය දෙක තුනක් යද්දී assignment එක submit කරපු ජුන්කුක් public shower එකට ගිහින් තමන් ඇදන් හිටිය ඇඳුම් ටිකත් වොෂින් මැෂින් එකට දාලා පිරිසිදු කරගෙන හොඳට නාගත්තා.

නාලා ඉවර වෙලා තමන්ගේ එකට ගියපු ජුන්කුක් ඇඳුම් කබඩ් එකේ තිබුණු ඇඳුම් ටික ඔක්කොම වගේ බෑග් එකකට දාගත්තා. College එකේ notes තිබුණු පොත් ටිකයි, ලැප් එකයි ක්ලාස් බෑග් එකකට දාගත්තා.

කලු පාටින්ම පෑන්ට් එකකුයි, බැගී ටී එකකුයි, සපත්තු දෙකකුයි තෝර ගත්තු ජුන්කුක් තවත් හැඩ වුනේ කලු පාටම මාස්ක් එකකිනුයි, cap එකකිනුයි ඇස් දෙක යන්තන් පේන්න මුහුණම ආවරණය කර ගෙන. මං ඉක්මනට එන්නම්. අන්තිම වතාවට කාමරේ දිහා බලාගෙන ජුන්කුක් හිමිහිට මිමුණුවා. ඒක හරියට එයා එයාටම කියාගත්තු චූටි කෙදිරුමක් වගේ. දොර ලොක් කරලා යතුර පරිස්සමට බෑග් එකේ දාගත්තු ජුන්කුක් ගෙදර අයිතිකාරයටත් කතා කරලා bus stand එකට ගියා. එතනින් බස් එකකට නැගපු ජුන්කුක් bus stand දෙකක් විතර එහාට ගිහින් බස් එකෙන් බැහැගෙන එතන ළඟ තිබ්බ පාක් එකකට ගිහින් bench එකකින් වාඩිවෙලා එතන ලොකේෂන් එක ටේහ්‍යුන්ට යැව්වා. මොකද ජුන්කුක්ට ඕන වුනේ නැහැ එයා ඉන්න තැනවත් ටේහ්‍යුන් දැනගන්නවට.

ඒ වෙනකොටත් මඳ අඳුර පරිසරය වට කරගෙන ඉවරයි. ජුන්කුක් ඈත අහසේ තද තැඹිලි පාටින් බැහැලා යන ඉර දිහා බලාගෙන හිටියා. ඒත් එයාට වැඩි වෙලාවක් නම් බලාගෙන ඉන්න වුනේ නෑ. පැය කාලක් වත් යන්න කලින් ටේහ්‍යුන්ගේ සුදු පාට කාර් එක පාක් එක ඉස්සරහින් නැවතුනා. වාහනෙන් බැහැලා හතර වටේම බෙල්ල කරකවකව තමන්ව හොයන ටේහ්‍යුන්ව දැකපු ජුන්කුක් හිමිහිට ඒ පැත්තට ඇවිදගෙන ගියා. ඈතතියාම තමන් දිහාවට එන චූටි හා පැටියව දැකපු ටේහ්‍යුන්ගේ මුහුණට හිනාවක් ආවේ ඉබේටම වගේ.

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now