22. Visitors 🎎🏥

1.5K 271 107
                                    

________________________________________________________🐯💜🐰

𑁍𖦹✫"ᵂʰᵉⁿ ʸᵒᵘ ˡᵉᶠᵗ ᴵ ˡᵒˢᵗ ᵃ ᵖᵃʳᵗ ᵒᶠ ᵐᵉ. ᴵᵗ'ˢ ˢᵗⁱˡˡ ˢᵒ ʰᵃʳᵈ ᵗᵒ ᵇᵉˡⁱᵉᵛᵉ. ᶜᵒᵐᵉ ᵇᵃᶜ ᵖˡᵉᵃˢᵉ, ᶜᵃᵘˢᵉ ʷᵉ ᵇᵉˡᵒⁿᵍ ᵗᵒᵍᵉᵗʰᵉʳ."𑁍𖦹✫
________________________________________________________🐯💜🐰

ජුන්කුක් ටේහ්‍යුන්ගේ operation එක සිද්ධ වෙන පෞද්ගලික රෝහල් කාමරය ඉස්සරහ බිම ඉඳගෙන මහ හයියෙන් ඉකිබින්දා. එයා දන්න හැම දෙවි කෙනෙක් ගෙන්ම ටේහ්‍යුන්ගේ ජීවිතේ අයැදුවා. ඉස්පිරිතාලේ හිටිය මිනිස්සු ජුන්කුක් දිහා අනුකම්පා සහගතව විදිහට බැලුවත්, එයාගේ කමිසේ ටේහ්‍යුන්ගේ ලේ වලින් පෙඟිලා තිබුණත් එයාට ඒ කිසි දෙයක් ගාණක් වුන් නෑ. එයාට ඕන වුණේ එයාගේ ඩැඩීගේ බොක්සි හිනාව ආයිත් පාරක් බලාගන්නට පුළුවන් වෙන එක විතරයි.

හෝරාවකට විතර පස්සේ operation theatre එකේ දොර ඇරෙනවා ජුන්කුක්ගේ බොඳ වෙච්ච ඇස් වලට අහුවෙද්දි ජුන්කුක් ඒ doctor ළඟට ඉක්මන් අඩි තිබ්බේ එයාගේ කඳුළු අතේ පිටි අල්ලෙන් පිහිදාන ගමන්.

🐰 : Doctor... අනේ ! ...මගේ ඩැඩීට කොහොමද ? ආහ්... එයා හොඳින් නේද?? අනේ කියන්නකෝ please....

👨🏻‍⚕️ : ඔන්න ඔයාට ගිහින් boyfriend ව බලන්න පුළුවන්. එයාට ප්‍රශ්නයක් නෑ. එයා හොඳින් .

🐰 : අනේ! ගොඩක් ස්තූතියි !  doctor.... මට.... මට ඩැඩීව බලන්න පුළුවන් නේද ?

👨🏻‍⚕️ : මං කළේ මගේ රාජකාරිය.... අනිත් එක patient ට තව ටිකකින් සිහිය එයි.  එතකන් එයාට කරදර කරන්න එපා. සිහිය ආවම අපේ doctor කෙනෙක්ට කතා කරන්න. අඬලා කරලා එයාව කලබල කරවන්න එපා..

🐰 : අනේඒඒ .... ගොඩක් පිං... Doctor ..

ජුන්කුක් අංශක අනූවටම නැමිලා තමන්ගේ කෘතඤතාව රෝහල් කාර්ය මණ්ඩලයට පිරිනමද්දී ඒ doctor ජුන්කුක්ගේ පිටටත් තට්ටුවක් දාලා එතනින් ගියේ මහ කපටි හිනාවක් කට කොනේ රඳවගෙන.
.
.
.
.
.
.
.
.
.
ජුන්කුක් වෙව්ලන අත්වලින් ටේහ්‍යුන්ගේ කාමරේ දොර කිසිම සද්දයක් ඇති නොවෙන විදිහට විවෘත කලේ හරි සීරුවට.

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now