chapter 06

671 116 5
                                    

"අාහ්...ළමයි බය වුනාද..."

🐺🐥"uncle.."

"හම්ම්...මට දෙයක් කියන්න තියෙනවා....ඒකයි ඔය දෙන්නාව තනියම හම්බවෙන්න අාවේ..."

🐺"කියන්න අන්කල්..."

"මෙතන කතාකරන්න බැහැ....අපි අර පැත්තට යමු...."

එහෙම කියලා මේ අමුත්තත් එක්කම ජීහෝප් දෙන්නත් garden එකේ ටිකක් අෑතට වෙන්න තිබ්බ
Table  එකක් ලගට ගියා....

"ඉදගන්නකෝ පුතාලා...."

🐥"අන්කල්ට මොකද්ද අපි දෙන්නා එක්ක කතා කරන්න තියෙන විශේෂ කාරනාව....අනික අපිට ගෙදරදිත් හම්බවෙන්න පුළුවන්කම තියාගෙන     අැයි මෙතනටම අාවේ...."

"අම්මෝ මෙයාට තියෙන ප්‍රශ්න ගොඩ....."

🐺"අැත්තටම අන්කල්ට කතාකරන්න තියෙන්නේ ටේ ගැනද..."

"හරිට හරි පුතා....මගේ කොල්ලව මං මරු කටට  යවනවා වගේ වැඩක් තමා මේ කරන්නේ...මොකද ඔය චෝයි කාරයා ගැන ගොඩ කාලෙක ඉදලා ලොකු සැකයක් තියෙනවා....මේ මිනිහා එක එක මාෆියාකාරයෝ එක්ක එකතුවෙලා වැඩකරනවා කියලා මට සැකයි...."

🐥"අන්කල් එහෙම සැක කරන්න මොනවා හරි හේතු තියෙනවද...."

"ඔව් මට ගොඩක් විශ්වාසවන්ත අාරංචි මාර්ග තියෙනවා මේ චෝයි හොර බිස්නස් කරනවා කියලා....ඒත් එයා මාෆියාකාරයෝ අල්ලගෙන ඉන්න නිසා ලේසි නැහැ...."

🐺"අන්කල් එහෙම දැන දැනත් අැයි ටේව ඒ මිනිහා ලගට යවන්නේ...."

"ඒ මිනිහාට පොඩ්ඩක් සැක හිතිලා තියෙනවා මං මිනිහා ගැන හොයනවා කියලා....අනික මිනිහට දැන් ඕන මගේ බිස්නස් ටික අල්ලගන්න....ඒක නිසා මොනවා හරි දෙයක් කරලා ඔය මිනිහා මගේ බිස්නස් වලට විදින්න පුළුවන්....."

🐥"ඒත් අන්කල් බිස්නස් වගේද ටේ ගේ ජීවිතේ...."

"බය වෙන්න එපා පුතා...ඒ මිනිහගේ දුව අැත්තටම අපේ ටේට කැමතී....මං  ඒ කෙල්ල ගැන හොදට හොයලා බැලුවා....ඒ කෙල්ල කොලේජ් යන කාලේ ඉදලම ටේ ට කැමතී....ඒක නිසා මේ marriage එකෙන් ටේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...ඒත් ඒ මොනාහරි වෙලා චෝයිකාරයට අපි ගැන සැක හිතුනොත් අපේ කොල්ලා අමාරුවක වැටෙනවා....අනික මේ දෙන්නා අතර කිසිම වෙලාවක love affair එකක්  marriage එකෙන් පස්සේ අැති වෙන්න බැහැ....අන්න ඒක නිසා තමා මං ඔයාලව හම්බවෙන්න අාවේ...."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now