chapter 4 🌹

252 46 2
                                    

2 years last ...............

ජිමින් ජේහන් වගේම සේරා රෑ කෑම මේසෙට වාඩි වෙලා ආහර ගනිමිනුයි හිටියේ. ඒ අතර ජේහන් ජිමින් දෙන්නා බිස්නස් ගැනත් කතා කරන්න පටන් ගත්තේ සේරිගේ යකා අවුස්සලා.

" මේ මේක කෑම මෙසේ . ඔවා මෙතන කියවන්න එපා ඔය දෙන්නා. ඔෆිස් රූම් එකට යන්න. "

ජිමින් වගේම ජේහන් කෙල්ලට යටත් වෙලා කන්න පටන් ගත්තේ කෙල්ල හැටට හැටේ කොල්ලෝ දෙන්නට රවද්දි .

" ජිමින් හෙට ඔයාට වැඩක් නෑ නේද ? "

ජේහන් අහද්දී ජිමින් ඔලුව උස්සලා ජේහන් දිහා බැලුවා.

" ම්ම්ම් හෙට උදේ මීට්න් එක විතරයි හියෝන්ග් තින්නේ. "

" හරි එහෙනම් හෙට එයාපෝට් එකට ගිහින් ජස්මින්ව එක්කන් එන්න පුළුවන් නේ ඔයාට. "

ජේහන් කියද්දී ජිමින් වගේම සේරත් ජේහන් දිහා බැලුවේ ඇත්තමද කියන්න වගේ .

" ජේහන් ඔය ඇත්තමද ජස්මින් එනවා කිව්වාද . වාආආ මේ කෙල්ලට දැන් මාව මතක නෑ. හහ් ....... "

" එයා වැඩිපුර ආදරේ මට සේරා එකයි මට කෝල් කලේ. "

ජේහන් සේරාව අවුස්සන්න එක්ක කියද්දී සේරා වැඩියෙනුත් ඇවිස්සුනා. එකේ ප්‍රතිඵලයක් විදිහට කෙල්ලගේ අතේ තිබ්බ හැන්ද ගිහින් නැවතුනේ ජේහන්ගේ අතේ වැදිලා.

" යා නූනා ඔච්චර තරහා ගන්න එපා . ඔයාට මන් ආදරෙයි නේ අනේ . මේ චිමී කොච්චර ආදරේ ද ඔයාට. "

ජිමින් හිටිය තැනින් නැගිටලා ගිහිල්ලා සේරාව බදා ගෙන කියවද්දී ජේහන් බලන් හිටියේ ඊරිසියාවෙන්.

" වේ හියෝන්ග් ඊරිසියයිද? "

ජිමින් හිනා වෙලා අහද්දී ජේහන් කටත් ඇද කරලා රවපු එක කලේ.

" අනේ නෑ ඊරිසියා නෑ. උබත් මැරි කරපු කාලෙක තේරෙයි තම්න්ගේ වයිෆ් වෙන කෙනෙක්ව බදාගෙන ඉන්න කොට දැනෙන විදිය මල්ලි උනත් එච්චර තමා. මෙයා කෙල්ලෙක්ව බදා ගත්තාත් මට ඊරිසියයි ඉතින් කොහෙද "

ජේහන් මූණත් දෙක කරන් කියවද්දී ජිමින් සේරා දෙන්නා බදාගෙනම හයියෙන් හිනා වෙන්න ගත්තේ ජේහන් ගේ ඊරිසියාව දැකලා.

The game of fate | PJM |Where stories live. Discover now