chapter 11 🌹

283 49 8
                                    

" හහ් තමුසේ මොකද මගේ රූම් එකේ කරන්නේ කරුණාකරලා යනවා එලියට . "

කොලේජ් ගිහින් ගෙදර ආපු ජිමින් දැක්කේ එයාගේ කාමරේ එයාගේ ඇද උඩ නිදාගෙන ඉන්න කෙල්ලෙක්ව. එක දැකලා ජිමින් ට මල පනින්න පොඩි වෙලාවයි ගියේ.

" ඒ මොකටද මම යන්නේ තමුසේට ඔනේ නම් යනවා. මේ කාමරේට මටත් අයිතියක් තීනවා. "

ඇද උඩ හිටිය කෙල්ල ආඩම්බරව කියද්දි ජිමින් එයා එල්ලන් හිටිය බෑග් එක ගලවලා පුටුව උඩින් තියලා එයාගේ කෝට් එක ගලවලා ඇද උඩ ඉන්න කෙල්ලගේ මූණටම ගහලා කෙලින්ම ගියේ වොශ් රූම් එකට.

" මෝඩයා තමුසේ ඕක අස්සේ ලිස්සලා වැටිලා අන්ඩක්ම කැඩෙන්න ඔනේ. "

ජිමින්ගේ කෝට් එකත් ගුලි කරන් ඇදෙන් නැගිට්ට කෙල්ල තරහෙන් පුපුර පුරම කෝට් එක විසි කරලා කාමරෙන් එලියට ගියේ ජිමින්ට සාප කර කරම.

" තාම ගියේ නැද්ද ? "

කෑම මේසෙන් ඇවිල්ලා වාඩි උන ජිමින් දැනටමත් කකා ඉන්න කෙල්ලගෙන් ඇහුවා.

" මම යන්නේ නෑ ඇයි මොකද ? "

කෙල්ලත් ගේමටම අහද්දි ජිමින් සුපුරුදු කෝල්ඩ් ලුක් එකෙන්ම කෙල්ල දිහා බලන් හිටියා.

" ඔය දෙන්නට කන වෙලවටවත් රණ්ඩු නොකර ඉන්න බැරිද? "

මේ විකාරේ ඉවසන්න බැරිම තැන ජේහන් කියද්දි දෙන්නම නිශ්ෂබ්ද වෙලා කෑම කෑවා.

" මේ ස්ස් ස්ස්......"

" ඇයි මොකද තමුසේ නයෙක්ද? "

තම්න්ගේ පාඩුවේ සෝපා එකට වෙලා ටීවී බල බල හිටිය ජිමින් කෙල්ලගෙන් අහද්දි කෙල්ල අතේ තිබ්බ බනී ප්ලශී එකෙන් ජිමින් ට ගැහුවා. ඕ ඇත්තටම ඒ දෙන්නා ගොඩක්ම කරන්නේ රණ්ඩු කරන එක තමයි.

" නෑ ඇයි හැපින්නක් පුළුවන් නම් මම තමුසෙට දශ්ට කරලා මරන්නේ. "

" පුළුවන් එකක් කියනවා කොට හැලපි....... "

ජිමින් නෝන්ඩියට හිනා වෙලා කියද්දි කෙල්ලට මල පැන්නා.

" පාර්ක් ජිමින් මම තමුන්ගේ අක්කා....."

" මිනිත්තු ගානකට. "

The game of fate | PJM |Where stories live. Discover now