" හොඳයි හොඳයි ජස්මින් අපි ආපහු හම්බුනා නේද ? ඕ ඔයා මැරි කලා කියලා ආරංචි .... "
බබාට ඇදුම් අරන් මෝල් එකෙන් එලියට එද්දි මගේ ඉස්සරහට හම්බුනේ මම මේලොකෙ දකින්න අකමැති ම මිනිහා සේහුන්.
" කරුණාකරලා එහාට වෙනවද සේහුන් . මට තමුසේ එක්ක කිසිම කතාවක් නෑ. "
" හහ් එහෙමයි නේද තමුන්. මම තමුන්ගේ පස්සෙන් එන්නේ අවුරුදු ගානක් තිස්සේ ඉදන් උබටමතකද උබ ස්කූල් යන කාලේ ඉදන්. ඇයි උබට මට කැමති වෙන්න බැරි උනේ මොකක්ද කියපන් මගේ අඩුව ආආආ "
සේහුන් මගේ අතේ මැණික් කටුව ලගින් තදින් අල්ලන් තරහින් කෑගහද්දි හැමදාම උඩු දුවන වේදනාව මට දැනෙන්න ගත්තා. රිදෙනවා හුගක් තමුසේ නිසයි මේ හැනදේම. උබේ බොරු ආදරේ නිසයි මේ සේරම බොරුකාර මිනීමරුවා .
" මම මතක් කරලා දෙන්න ඔනේද තමුසේට ...... උබ තිරිසනෙක් නෑ ඊටත්වඩා අන්තයි. මිස්ටර් සේහුන් ඒ කාලේ කරපුවා මතක නැද්ද , නැත්නම් මතක නෑ වගේ හැසිරෙනවද ? "
මම කට කොණින් හිනා වෙලා සේහුන් ගේ ඇස් දිහා වලන් අහද්දි ඒ ඇස් ගැස්සෙනවා මම හොදටම දැක්කා.
" උ උබ මොනාද කියන්නේ ? "
" හොඳයි හොඳයි මිස්ටර් සේහුන් ඔයාට මතකද ස්කූල් එකේ 10 B එකේ හිටිය අර හැමදාම සෙක්ශන් ෆස්ට් වෙන මොනා කියන ලස්සන ගර්ල්ව.... "
මම දිගටම කතා කරගෙන යද්දී සේහුන්ගේ ඇස් කලබලෙන් එහෙ මෙහේ දිව්වා.
" මතකයි වගේ පේන විදිහට නම් , ඔයා දන්නවද එයා ස්කූල් එකේ තිබ්බ පාලු බිල්ඩින් එකෙන් බිමට පැනලා සුසයිඩ් කරගත්තා. ඒ අහිංසක ළමයාට මැරෙන්න තරම් ප්‍රශ්නයක් නෑ කියලා ගෙදර මිනිස්සු කියද්දිත් පොලීසියෙන් කිව්වා එයා depression කියලා ඒ වගේම ඒ ළමයාට ගැන තව මහ කැත කතා ගොඩකුත් කිව්වා. නිරුවත් ෆොටෝස් පවා ස්කූල් ළමයි අතර ශෙයාර් උනා..... ඉතින් ඒ හැමදේම කරපු ඔයාට ඒඅ අමතක වෙන්න විදිහක් නෑ නේද මිස්ටර් සේහුන් ....... "
සේහුන් මගේ දිහා බලාගෙන හිටියේ ගිනි පිට වෙන ඇස්වලින් . උබට මම ඉස්සර වගේ බය නෑ සේහුන් .
" උබ ඔච්චර නටන්නේ ජිමින් කියන එකාගේ හයිය අරන්ද ? ම්ම්ම් බේබී ඩෝල් උබ මට ඔය තර්ජනේ කරනවද? "
KAMU SEDANG MEMBACA
The game of fate | PJM |
Fiksi Penggemarදෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්රමයෙන් සාදාරණය ඉශ්ට කිරීමට ඔහු පෙළබෙන එක වැරැද්ද , ඔහු වැරදි ද? මේ අතර හමුවන අහිංසක දගකාරියක් ඔහුගේ දරදඩු නපුරු...