chapter 6 🌹

229 40 0
                                    

හවස පාර්ටි එකේදී ජිමින් කොච්චර ජස්මින් එක්ක කතා කරන්න හැදුවත් කෙල්ල ජිමින්ව මග ඇරියා . කොල්ලා එයාගේ පැත්තට එනවා දැක්කොත් කෙල්ල නැති වැඩත් පටලන් එතනින් ඉක්මනට මාරු උනා.

ජිමින් කොයි වෙලෙත් නැට්ට පෑගිච්ච ගමන්ම නිසා කොල්ලා හිටියේ කොනක් අල්ලන් බිස්නස් පාර්ට්නස්ලා එක්ක බොරුවට හිනාවෙන ගමන්.

" ආ ජිමිනි හියෝන්ග් ......."

ජන්කුක් ඉස්සර වෙලා ගෙට දුවගෙන එද්දී ඊටපස්සෙන් ජිමින්ගේ යාලුවෝ ගේ ඇතුට ආවා. ඒත් ජන්කුක්ගේ ඒ ලස්සන බනී හිනාව තිබුනේ පුංචි වෙලාවයි. කොහේදෝ මන්දා ඉදලා පියාබලා ආපු හීල් එකක් කොල්ලගේ නලලට වැදුනේ ජන්කුක්ගේ කටින් රටේ නැති කුණුහරුපත් කියවෙද්දි. අනික් කොල්ලො ටිකත් මූණට මූණ බලාගත්තේ එකපාර උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

ජන්කුක් හීල් එකත් අතින් අරන් ඉස්සරහා බැලුවේ හොදවයින් දෙකක් කියන්න උනත් එයා දිහා පොඩ්ඩක් දුරින් ඉදන් ඉණටත් අත් දෙක තියාගෙන ඇසුත් පුංචි කරන් එයාව පුච්චලා දාන්න පුළුවන් බැල්මකින් බලන් ඉන්න එයාගේ ආදරණීය බෙස්ටි.

ඔන්න එතකොටයි ජන්කුක්ට එයා කරපු පෙර වැරදි මතක් උනේ. ඕ පුවර් ජන්කුක් දැන් නම් බේරිමක් නෑ එයාට.
ඉතුරු හීල් එකත් ගලවලා ගත්ත කෙල්ල දුවන්න හදන ජන්කුක්ට එකෙන් ගැහුවේ හීල් එක ගිහින් කොල්ලගේ අතේ වදිද්දී . ජන්කුක් අතත් අල්ලන් පොඩි එකෙක් වගේ කෑගහන්න ගත්තේ වටේ පිටේ ඉන්න මිනිස්සු ඉන්නවත් කියලා ගානක් නැතුව.

" ශුවර් එකට මූ රවට්ටපු කෙල්ලෙක් තමා හොද වැඩේ . "

ටේහියොන් හොබීට කියද්දී කොල්ලා බොහොම අමාරුවෙන් හිනාව පාලනේ කරහත්තා. මේ අතර ජිමින් නම් කිසිම සද්දයක් නැතුව කූල් ඩ්‍රින්ක් එකක් බොන ගමන් ඩ්‍රාමා එක එන්ජෝයි කරනවා.

" යා යස්සනි මගේ කොන්ඩේ අතාරිනවා........"

" අතාරින්න අතාරින්නේ නෑ ඇයි තමුසේ මොනා කරන්නද මෝඩ ජන්ගල් බුක් තමුසේ තමුසේ කොහොමද මාව අමතක කලේ........."

ජස්මින් කොල්ලාගේ කොන්ඩෙන් අදින ගමන් කෑගහන ජන්කුක්ට අතින් පාරක් ගැහුවා.

The game of fate | PJM |Where stories live. Discover now