" අජ්ජුම්මා මම ඉක්මනට එනවා ආරෝව එතකන් බලාගන්න....."
" හරි දුව....."
ජස්මින් අතට අහු උන ඇදුමකුත් දාගෙන මේ ගෙදරින් යන්න ලෑස්ති වෙන්නේ යූජන්ග්ව හම්බෙන්න. කට් එක් දාලා ගෙදර නවතින්න හැදුවත් ජස්මින්ට අප්පා කතා කරලා බලකරපු නිසා. කෙල්ලට යන්නම සිද්ද උනා.
මග දිගට යනකන්ම කෙල්ල කලේ යූජන්ග් ට බැනපු එක . කෙල්ලට කේන්ති හුගක් . ජස්මින්ට දුකයි එයාගේ පවුලේ අය එයාට මෙහෙම කරන එකට.
කාර් එකත් හොටෙල් එකෙන් පාර්ක් කරලා කෙල්ල ඉක්මනට ඇතුලට ගියේ යූජන්ග්ව හම්බෙලා ඉක්මනට ගෙදර යන්න බලාපොරොත්තුවෙන් .
" ඕ ජස්මින් ඔයා ආවාද ? "
" ඔව් යූජන්ග් ඇයි මට කතා කරන්න ඔනේ කිව්වේ?. "
" ඉස්සෙල්ලා වාඩිවෙලා ඉන්නකෝ...."
ජස්මින් යූජන්ග්ට ඉස්සරහින් ටේබල් එකේ වාඩි උනේ වටපිට බලන ගමන්. ඇත්තටම කෙල්ලට ඔනේ උනේ නෑ යූජන්ග් එක්ක ලන්ච් එකට එන්න.
" මොනාද බොන්නේ ? "
" ඕනේ දෙයක්...."
ජස්මින් කියද්දී යූජන්ග් හිනා වෙලා වේටර් කෙනෙක්ට කතා කරලා දෙන්නටම ඔරෙන්ජ් ජූස් දෙකක් ඕඩර් කලා.
" ඇයි යූජන්ග් ඔයා මට කතා කලේ...?? "
" ආ එකද මම ඔයාට ඇත්තටම කැමති ජස්මින් . ඉතින් මම කැමති ඔයාව මැරි කරන්න..."
යූජන්ග් කියද්දී ජස්මින් හොද හුස්මක් පහල දාලා වේටර් ගෙනත් දුන්න ජූස් එකෙන් උගුරු දෙකතුනකුත් බීලා කතා කරන්න ගත්තා.
" මේ අහන්න යූජන්ග් සමාවෙන්න මම මෙහෙම කියනවට. මම ඔයාව හම්බෙන්න ආවේ අප්පා කියපු නිසා. ඒ වගේම මම දැන්ම මැරි කරන්න ආසාවක් නෑ. සමාවෙන්න ඔයාගේ හිත රිදුනා නම් ඒත් මේකට කැමති වෙන්න මට බෑ. "
ජස්මින්ගේ වචන හමුවේ යූජන්ග්ගේ මූණ සෑහෙන්න වෙනස් උනා.
" හරි එහෙමද . කමක් නෑ ජස්මින් එකට. මට ඔයාව තේරුම් ගන්න පුළුවන් . ඔයාට පුළුවන් නම් මාත් එක්ක අද ලන්ච් එකට ඉදලා යන්න ප්ලීස්. "
යූජන්ග් බැගෑපත් වෙද්දී ජස්මින් අන්තිමට ලන්ච් එකට ඉන්න කැමති උනා. ඇත්තටම යූජන්ග් එයාව තේරුම් ගත්ත එක ගැන කෙල්ලට සතුටු හිතුනා.
ESTÁS LEYENDO
The game of fate | PJM |
Fanficදෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්රමයෙන් සාදාරණය ඉශ්ට කිරීමට ඔහු පෙළබෙන එක වැරැද්ද , ඔහු වැරදි ද? මේ අතර හමුවන අහිංසක දගකාරියක් ඔහුගේ දරදඩු නපුරු...