" කෝ දෙන්න ඔන්නි ආරාව මම ගන්නම් ඔය දෙන්නා නිදහසේ යන්න හේ හේ. "
වෙහෙසකාරි ජීවිතෙන් මිදිලා නිවාඩුවක් ගත කරන්න යන්න සාරාට ලොකු උවමනාවක් තිබුනා. ඉතින් සතියක ඉදන් ප්ලෑන් කරපු ඒ ට්‍රිප් එකට හැමෝටම යන්න උනේ සාරාගෙන් බේරිල්ලක් නැති නිසා. ජේහන් සාරා එකක කාර් එකකට නගිද්දි අනික් කාර් එකේ ජිමින් වගේම ආරී එක්ක ජස්මින් නැග්ගා.
ජස්මින්ගේ උකුලේ වාඩි වෙලා හරි හරියට සද්ද දදා ආරි ජනේලෙන් එලිය බලන් යනවා.
" දැක්කාද පැටියෝ අර ලොකු කුරුල්ලෙක්....."
ජස්මින් එයාගේ උකුලේ ඉන්න චූටී පැටික්කිට කණුවක වහල ඉන්න කුරුල්ලෙක් පෙන්නන ගමන් කියද්දී චූටී කෙල්ලත් එයාගේ පුංචි පෙන්නන කුරුල්ලා දිහා බලන් ආසාවෙන් අප්පුඩි ගගහා කටින් මොන මොනාවදො සද්ද දානවා.
" තමුසේගේ ඇස් පෙන්නේ නැද්ද ඔයී ඒ කුරුල්ලා ලොකුයි වගේ පෙන්නේ. තමුසේ බීලාද ඉන්නේ ? "
ජිමින් ඩ්‍රයිව් කරන ගමන් ජස්මින් දිහාට අවදානේ දෙන ගමන් අහද්දී කෙල්ලට ජිමින්ව කාර් එකෙන් එලියට තල්ලු කරන්න හිතුනා.
" අනේ මේ ජිමින් තමුන් ඉන්නවකෝ කට වහගෙන මම මේ ආරීට කම්මැලි නිසා එහෙම කලේ. "
කෙල්ල ජිමින්ට රවලා කියද්දී කොල්ලට කට කොනේ හිනාවක් ගියේ ජස්මින්ගේ රැවිල්ල දැකලා.
" හරි ශෝක් නේ තමුසේ ලමයින්ට බොරුනේ පෙන්නන්නේ . අර හිච්චන් කපුටාව පෙන්නලා ලොකු කුරුල්ලෙක් කියන්නේ. "
" අනේ මේ ජිමින් ඔයා ඔයා ඔයාගේ වැඩක් බලාගන්නකෝ අනුන්ගේ ඒවා හොයන්න එන්නේ. පුදුම වදයක්නේ මේක. ආරී ඔයාගේ බාප්පා නම් මහා වදයක්. "
කෙල්ලගේ තරහින් පුපුරන මූණ දිහා බලාගෙන ජිමින් සෑහෙන්න සතුටු උනා. මොකද එයාගේ එකම විනෝදාංශය උනේ කෙල්ලව තරහා ගස්සන එක.
" ජිමින් ඔන්න බලාගෙන ............"
කෙල්ලගේ මූණ දිහා බලන් හිටිය ජිමින් හරි සිහියට එන්නේ ජස්මින් කෑගහන සද්දේ එක්ක කෙලින්ම පාර දිහා බලද්දී ජිමින් දැක්කේ වේගෙන් එයාලගේ පැත්තට එන ට්‍රක් එකක්. කොල්ලගේ ඇස් ලොකු උනේ මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව යද්දී . ජස්මින් ආරීව තද කරලා බදාගෙන ඇස් පියා ගත්තේ එයාට මොනා උනත් කෙල්ලව බේරගන්න හිතාගෙන . ජිමින් කාර් එක අනෙක් පැත්තට කැපුවේ ට්‍රක් එක කාර් එකේ ගැවීගෙන ලග තිබුන වැටත් ගලවගෙන පහලට වැටෙද්දි .
YOU ARE READING
The game of fate | PJM |
Fanfictionදෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්‍රමයෙන් සාදාරණය ඉශ්ට කිරීමට ඔහු පෙළබෙන එක වැරැද්ද , ඔහු වැරදි ද? මේ අතර හමුවන අහිංසක දගකාරියක් ඔහුගේ දරදඩු නපුරු...