" ජිමින් ......."
ලැප් එකට ඇස් ඔබාගෙන වැඩ කර කර හිටිය ජිමින් ජස්මින්ගේ කට හඩ ඇහුන නිසා ඔලුව උස්සලා බැලුවා.
" කොහේ යන්නද? "
" එක කියන්න තමයි මනුස්සයෝ ආවේ කොහේද ආපු වෙලේ ඉදන් ලැප් එකක් බදාගෙනනේ මම සලී එක්ක පොඩ්ඩ්ක් එලියට යනවා බබාව බලාගන්න දැන් නම් නිදි නැගිට්ටම එයාගේ කිරි එක දෙන්න . "
" හ්ම්..... පරිස්සමට යනවා...."
" හරි හරි ..... මම යනවා.... "
ජස්මින් කාමරේ දොර ලගට ගිහින් ආපහු දුවගෙන ඇවිත් ජිමින්ගේ කම්මුලක කිස් එක්ක් තියලා වේගෙන් දුවගෙන ගියා. ජිමින් නම් හිටියේ කම්ෆියුස් උන්ග බුන්ග තත්වේ ඇසුත් ලොකු කරන් කම්මුල අතින් අල්ලන් . ටිකකින් ජිමින්ගේ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුනා.
" තමුසේ මහ විකාරයක් ජස්මින් ..... "
කොල්ලා ඔලුව දෙපැත්ත වැනුවේ ජස්මින්ගේ විකාර වැඩ මතක් වෙලා. මේ අතර ජස්මින් හිටියේ එයාගේ හිතට ආපු හදිසි අදහස නිසා ජිමින් ට දුන්න කිස් එක ගැන කල්පනා කරන ගමන් කෙල්ලගේ මුලු මූණම රතු වෙලා.
" මොකද උබ නිනක් රතුවෙලා..... උණ සන්නිපාතේ වත් හැදීගෙන එනවද? "
සලී කාර් එක ඩ්‍රයිව් කරන ගමන් ජස්මින්ගේන් ඇහුවා. ජස්මින් සලීට රවලා අහක බලාගත්තා.
" යකෝ මේක මාර වැඩක් උනානේ මට රවන්නේ අහවල් එකක් කරාද මම..... "
" නෑ නෑ උබ මුකුත් කලේ නෑ.......... ඔයී ඔයී නවත්තපන් ....."
එකපාර ජස්මින් කෑගහන්න ගනිද්දී සලී කාර් එක පාරේ අයිනට කරලා නැවැත්තුවේ බය වෙලා. ඇයි හත්වලාමේ ඔහොමත් කෑගහනවද
" මොකද ගෑණීයේ වෙලා තින්නේ මම බය උනා යකොව්....."
" හේ හේ ඔහොම හිටාන්....."
සලීට වචනයක්වත් කතා කරන්න නොදි ජස්මින් කාර් එකෙන් බැහැලා ගියා. බැහැලා ගිය කෙල්ල ආවේ ලස්සන ලිලී මල් පොකුරකුත් අරන් .
" ඒක ලස්සනයි ......"
" හ්ම් ..... එයා ගොඩක් කැමති වෙයි...."
ජස්මිනුයි සලියි ආවේ සලි නැවතිලා ඉන්න ගෙදරට එකට. ඒක නගරෙන් පොඩ්ඩ්ක් ඈතට වෙන්න තමයි තිබ්බේ. ඒ පරිසරේ පවා ගොඩක් ලස්සනයි . බලන බලන අත කොලපාටම විතරයි .
YOU ARE READING
The game of fate | PJM |
Fanfictionදෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්රමයෙන් සාදාරණය ඉශ්ට කිරීමට ඔහු පෙළබෙන එක වැරැද්ද , ඔහු වැරදි ද? මේ අතර හමුවන අහිංසක දගකාරියක් ඔහුගේ දරදඩු නපුරු...