chapter 13🌹

220 39 14
                                    

ජස්මින් හිටියේ කිචන් එකේ එයා තාමත් කල්පනා කරනවා . ඒක ලොකු වේදනාවක්. තමන්ගේ නොවුනත් එයාට අක්කා වගේ ආදරේ කරපු සහෝදරීට එයා නිසායි මේ හැමදේම උනේ කියලා එයා හිතුවා. ඒ වගේම ජිමින් ගැන හිතද්දි පව කෙල්ලට ලොකු දුකක් දැනුනා. එයා නිසයි ජිමින්ට එයාගේ සහෝදරී නැති උනේ. ජස්මින්ට මතක් උනා එයාගේ අක්කා ජිමින් ගැන දවසක් කිව්ව කතාව. අහිංසක හුරතල් ජිමින්ගේ ජීවිතේ වෙනස් වෙන්න බලපාපු කාරණාව එයාට තේරුනා.

අනික්පැත්තෙන් ජිමින් . දැන් දවස් ගානක් තිස්සේ ජස්මින්ගේ වෙනස දිහා එයා බලාගෙනයි හිටියේ. පැත්තකට වෙලා කල්පනා කරන රෑට හීනෙන් බය වෙලා අඩන ජස්මින්ගේ අමුතු වෙනස නිසා ජිමින් හිටියේ බයෙන් වගේම දුකෙන්. වෙනදට කෑගහලා රණ්ඩු කරන කෙල්ල ඔහේ පැත්තකට වෙලා බලාගත්ත අත බලන් ඉන්න එක ජිමින්ව රිද්දුවා.

" මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ ජස්මින් .... "

ජිමින් කිචන් එකට වෙලා කල්පනා කරන ජස්මින් දිහා බලන් මිමිනුවා.

" ම මම්මා....... "

ජිමින්ගේ අතේ ඉදන් සෙල්ලම් බඩුවක් හප හප හිටිය පුංචි ආරෝ ජස්මින්ව ජිමින්ට පෙන්නලා මොන මොනවදෝ කියෙව්වා . පුංචි පැටික්කිටත් එයාගේ ඔම්මාගේ වෙනස තේරිලා වෙන්න ඇති.

" ඔව් පැටියෝ ඔම්මා මේ දවස් වල හුගක් කල්පනා කරනවා වැඩි තමයි . අපි ඉක්මනට එයාගේ ප්‍රශ්නේ විසදමු හරිද ? "

Next day morning ......

ජස්මින් හිටියේ කලබලෙන් එයාට අද නැගිටින්න පරක්කු උනා. ජිමින්ව නැගිට්ටලා පුංචි ආරෝවත් ආපහු නිදි කරවලා ජස්මින් ඉක්මනට පහලට ආවේ ජිමින්ට ඔෆිස් ගෙනියන්නත් එක්ක කෑම ලෑස්ති කරන්න.

හැමදේම කලබලෙන් කරද්දි ජස්මින්ගේ අතින් උණු වතුර භාජනේ ඇතෑරිලා ගියේ ඒ වතුර ඔක්කොම ජස්මින්ගේ කකුල්වලට හැලෙද්දි. දරාගන්න බැරි රස්නේ නිසා කටින් වේදනාත්මක කෙදිරිල්ලක් පිට උනා .

පඩිපෙළ බැහැලා පහලට ආපු ජිමින් කිචන් එකේ උණ දේ දැකලා කලබලෙන් පහලට බැහැගෙන ආවා. ජිමින්ගේ හදවත වේගවත්ව ගැහුනා. ජස්මින්ගේ කටින් පිට උන සද්දෙට.

The game of fate | PJM |Où les histoires vivent. Découvrez maintenant