" ජිමින් දැන් ඇති ඕකා මැරෙයි ... "
දැන් පැය දෙකකට වඩා වැඩි වෙලාවක ඉදන් prison එකට ගෙනාපු මනුස්සයාට නිමක් නැතුව වද දෙන ජිමින් ව නවත්තන්න හිතාගෙන සූගා කතා කරා.
" පාහර බල්ලා තෝ කියපන් මට කවුද අනික් උන් ටික කියපන්.........."
උල් පිහිතුඩෙන් ජිමින් මනුස්සයාගේ මූණේ රටා අදිද්දි ඒ මනුස්සයා අදුරු prison එක දෙදරන්න කෑගහන්න ගත්තා.
" ම මන් මැරුනත් කි කියන්නේ නෑ....."
ඒ මනුස්සයා අමාරුවෙන් උනත් හිනා වෙවී කියද්දී ජිමින් ගේ යකා තවත් ඇවිස්සුනා .
" ඔකේ ෆයින් . ම්ම්ම්ම්ම්ම් මිස්ටර් යොන්ට ලස්සන දුවෙක් ඉන්නවා නේද ? "
කොල්ලා කට කොනේ හිනා වෙලා මනුස්සයා ගේ මූනට පාත් වෙලා කියද්දී ඒ මනුස්සයා ගැස්සිලා ගියා මොකද ජිමින් කියන්නේ කවුද කියන්න ඒ වෙද්දීත් හොදටම දන්න නිසා.
" ම මන් කියන්නම් මගේ දරුවට ඉන්න දෙන්න. එතන හේඩුක් වගේම ජීහයුක් දෙන්නත් හිටියා මන් මන් අනික් කෙනාගේ මූණ දැක්කේ නෑ. "
ඒ මනුස්සයා බයෙන් කියන් යද්දී ජිමින් ගේ ඇස් තරහාවටම රතුවෙලා ගියා.
" පාහරයෝ තොපි.... "
ජිමින් ගේ අත ඒ මනුස්සයාගේ මූණ හරහා වේගෙන් ගියේ බැදලා හිටිය පුටුවත් එක්කම බිම වැටෙද්දි .
" වේබල් මට යන්න දෙන්න......."
මනුස්සයා තමන් ඉස්සරහා බැගෑපත් වෙද්දී කොල්ලට දැනුනේ සතුටක්
" සූගා මූව ලිහපන් ......"
කොල්ලා කෝල්ඩ් වොයිස් එකෙන් කියද්දී ජිමින් ගේ අණට කීකරු වෙලා ඒ මනුස්සයාව ලිහුවා.
" මම උබව යවන්නම් එහෙනම් අදහන දෙවි කෙනෙක් සිහිකර ගනින්. "
" නෑ එපා.........."
ජිමින්ගේ ගෝල්ඩන් කලර් ගන් එකෙන් එකදිගට පිට වුන බුලට්ස් මනුස්සයාගේ ඇග පසාරු කරන් ගියේ හිතන්නවත් වෙලාවක් නොදි. ජිමින් තරහාටම ගන් එකේ බුලට්ස් ඉවර වෙනකන් දැනටමත් ප්රාණය නිරුද්ද සිරුරට වෙඩි තිබ්බා.
ESTÁS LEYENDO
The game of fate | PJM |
Fanficදෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්රමයෙන් සාදාරණය ඉශ්ට කිරීමට ඔහු පෙළබෙන එක වැරැද්ද , ඔහු වැරදි ද? මේ අතර හමුවන අහිංසක දගකාරියක් ඔහුගේ දරදඩු නපුරු...