Chap💫52

345 55 31
                                    

.
.
.
.
Joohi ඉල්ලපු විදියටම ජිමින් හොබී එක්ක Joohi ව Demin එක්කගෙන ගියේ Taehyung තරමට නැතත් කෙල්ලත් ගොඩක් දුර්වල වෙලා ඉඳපු නිසා.

ඒත් Demin වලට ආපු ගමන් Joohi ව ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් උනා.. මොකද Taehyung ගෙ සුවඳ Joohi ට තදින්ම දැනුනා..

"ඔප්පා...කොහෙද Taehyungie...?"
Joohi ඇහුවා.

"එයා ඉන්නවා.. ඒත් ඊට කලින් මම ඔයාගෙන් දෙයක් අහන්නද..?"

ජින්ගෙ Serious mood එක දැක්කම Joohi ට නන් හිතුනෙ එක දෙයයි.. ඒ දේ අනිවාරෙන්ම Taehyung සම්බන්ද දෙයක් කියන එක..

"මොකක්ද ජින් ඔප්පා.."

Joohi එහෙම අහන ගමන් ජින්ගෙ පැත්ත හැරෙනවත් එක්කම ජින් හෙමින් Joohi ව තුරුල් කරගෙන ඔළුව පිරිමදින්න ගත්තා..Joohi ත් ඇස් දෙක පියාගෙන ටිකක් වෙලා එහෙම්ම ම හිටියෙ ජින්ගෙ අතක් අල්ලගෙන..

Joohi ව Hug එකෙන් ඈත් කරලා ජින් Joohi ගෙ දිහා බලාගෙන කතා කරන්න ගත්තා..

"Joo...මම දන්නෙ නැහැ ඔයාගෙ තීරණේ මොකක්ද කියලා..ඒත් මම Tae ගෙ hyung විදියට දෙයක් ඔයාගෙන් ඉල්ලනවා..මම විතරක් නෙමෙයි..මෙතන ඉන්න හැමෝම... Tae ව දාල යන්න එපා Joo..
ඔයාල දෙන්නා ආදරේ කරනවා.. ඔයාල දෙන්නටත් හොරෙන්.. අපි ඒක හොඳටම දන්නවා Joo.. ඉතින් ආදරේ ළඟදි කෙනෙක් ඕනම විදියට වෙනස් වෙන්න පුළුවන්.. ඒ නිසා Taehyung ව තේරුම් ගන්න බලන්න..ඔයාට පුළුවන් නේද Princess..?"

ජින් එහෙම කියනවත් එක්කම Joohi ගෙ මූනෙ ඇඳුනෙ සිහින් සිනහවක්.. කෙල්ල ආයෙත් ජින්ගෙ අත අල්ලගෙන කතා කරන්න පටන් ගත්තා.

"මම දන්නවා ඔප්පා.. ඔයාල හැමෝම කියන දේ මට තේරෙනවා.. මේ ආයෙත් ඇවිත් ඉන්නෙ Min Hi විදියට ඉඳපු Taehyungie ගෙ මේට් මිසක් හිතුවක්කාර Joohi නෙමෙයි.. මම කවදාවත් එයාව දාල යන්නෙ නැහැ ආයෙත්.. Min Hi එක්ක ඒ Joohi ඉඳීවි.. මොකද දෙන්නම Taehyungie ට ගොඩක් ආදරෙයි.. ඉතින් දෙන්නම එක්කෙනෙක්නන් මට මගේ Tae Baby වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්..මම යන්නම් ජින් ඔප්පා.. හැමෝම මට සමාවෙන්න මම පරක්කු උනාට... ඔයාලගෙ සහෝදරයට උරුම නෑ කිව්ව ඒ සතුට අරගෙන මම ආවෙ ආයෙත් ඒ සතුට උදුරගෙන යන්න නෙමෙයි.."

HIDDEN LOVE (KTH- Completed)Where stories live. Discover now