Chap💫47

272 49 13
                                    


After few days

මේ දවස් කීපයට ගොඩක් දේවල් වෙනස් උනා.. ගොඩක් දේවල් කිව්වෙ..ඔව් ගොඩක් දේවල්.. සමහර කෙනෙකුගෙ ජීවිතයට ඒ වෙනස් වීම් නිසා සතුට දෝරෙ ගලද්දි සමහර කෙනෙකුගෙ ජීවිත දුකෙන් පිරිලා ගියා..

min jun කලින් mr.min ට අයිති වෙලා තිබුන company එක තමන්ගෙ යටතට අරගත්තා.. company එක සම්බන්ද වෙලා තිබ්බ හැම illegal business එකක්ම සම්පූර්නෙන්ම නවත්තලා දාල legal විදියට company එකේ වැඩ සිද්ද උනා. ඒත් ඒ company එක තව දුරටත් පුරුදු තැනම තිබුණෙ නන් නැහැ. ඒක සෝල් වල වෙනම තැනකට අරගෙන ගිහින් තිබුනා.

ඒ වගේම මේ වෙද්දි එතන company එක වෙනුවට ගොඩනැගිලා තිබුණෙ විශාල රෝහලක්..ඒ වගේම company එකේ chairman විදියට min jun ව පත් වෙද්දි sung woo head manager බවට පත් උනා.

ඒ වගේම අළුත පිහිටවපු රෝහල ගැන කියනව නන්.. ඒක joohi ගෙ idea එකක්..මොකද joohi තමයි එතන ප්‍රධාන වෛද්‍යවරිය උනේ..

ඒ වගේම අද hospital එක ඇතුළත ගොඩක් කාර්යබහුල උනා. මොකද තවත් doctors ල ගනිද්දි interview එකක් තියන්න සිද්ද උනා..joohi ගෙ බල කිරීම නිසාම ඒ වගේ දෙයක් සිද්ද උනා කිව්වොත් හරි. මොකද joohi ට ඕන උනේ අළුත් අය.. අළුතෙන්ම තමන්ගෙ job එක බාරගන්න ගොඩක් දක්ෂ specialist ල.

~aish... interview එකක් organize කරා වගේ නෙමෙයි මේ ඔක්කොම බලන්න වෙන්නෙත් මටනෙ..අද නන් පැය ගානක් එක තැන වාඩි වෙලා පස්ස රත් කිරීමක් වගේ තියෙන්නෙ..~

joohi තමන්ගෙ personal cabin එකට වෙලා හිතුවෙ එහෙමයි..

~සමහරවිට වැඩිය interviewers ල ඇවිත් නැතුව ඇති...ආහ්..එහෙම උනොත් හොඳයි..~

~මොකද කරන්නෙ...පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල බලන්න ඕන..~

එහෙම හිතන ගමන් මෙච්චර වෙලා කැරකි කැරකි ඉඳපු පිටුවෙන් නැගිටලා joohi දොරත් ඇරගෙන එළියට ගියේ සින්දුවක් මුමුණන ගමන්..ඒත් කොරිඩෝ එකේ ඉඳන් බැලුවම ඉන්න සෙනග දැක්කම කෙල්ලගෙ හුස්මත් හිරවෙන්න ගියා..

ඒ තරමට සෙනග ඇවිත් හිටියා. hospital එක ඉස්සරහ පිරිලා ගිහින් තිබුණා.. සමහරවිට...100 ආසන්නව වගේ කියන්න පුළුවන්.. ඒත් මේ අයගෙන් තිස් දෙනෙක් විතරයි තෝරාගන්නෙ..

HIDDEN LOVE (KTH- Completed)Onde histórias criam vida. Descubra agora