1 කොටස

239 34 22
                                    

හනා - 💜️
යුන්හි - 🍁
යූරී - ☘️
ජන්ග්කුක් - 🐰
ජිමින් - 🐥

__________________

🗣️"Double R කමෝන්...
යු කැන් ඩු ඉට්...."

🗣️" D R කමෝන්...."


ඕඩියන්ස් එකෙන් ඇහෙන චියර් එකත් එක්කම හනා ගෙන් වේගවත් පහරක් ලද 🎾 ටෙනිස් පන්දුවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අනෙක් ක්‍රීඩිකාවට නොහැකි වුයෙන් 6 ට 3 ක් ලෙස හනා තරඟය ජයග්‍රහණය කලේය...

මේ ඇගේ අවසන් පාසල් ටෙනිස් තරඟාවලියයි...

සියල්ලෝම කෑගසමින් ඈ වට කරගනිද්දි ඇගේ මුවේ වුයේ ආඩම්බරය පිරි මදහසකි...

පිරිසගෙන් මිදුනු වහා ඈ දිව ගියේ සිය සොයුරියක් වන් වු මිතුරිය වෙතය...


💜️ "යූරී....."😍😍😍


☘️ "හනා කන්ග්‍රැජුලේෂන්ස් වස්තු...😍😍
උඹ එහෙනන් ලාස්ට් මැච් එකත් ගොඩ දැම්මා."


💜️ "එහෙම නැතුව බෑනේ මැණික...
මේක මං ඉස්කෝලේ වෙනුවෙන් ප්ලේ කරන අන්තිම මැච් එකනෙ...
ඉතින් දිනන්නම ඕනේ...
මං දවසක අනිවාර්‍යෙන්ම #_Roger_Federer__Rafael_Nadal__Serena_Williams වගේ ටැලන්ටඩ් , වර්ල්ඩ් ෆේමස් ප්ලේයර් කෙනෙක් වෙනවාමයි යූරී...
ඒක තමයි මගේ හීනේ , මගේ අරමුණ."


☘️ "උඹට ඒක පුලුවන් හනා...
ඒත් ඒක අංකල්ට රිද්දන්න හිතන් කරන්න එපා හනා."


💜️ "මං මගේ ගමන යද්දි එයාට කොහොමත් රිදෙනවා යූරී
එයා මගේ ඔම්මගේ හීනේ උදුරගත්තේ හුගාක් ආත්මාර්ථකාමී විදිහට...
ඒත් මං එයාට මගේ හීනේ උදුරගන්න දෙන්නෙ නෑ...
එයා මට කරන්න එපා කියන්නෙ මොනාද මං ඒ හැම එකක්ම කරනවා."


☘️ "ඔහොම මුරණ්ඩු වෙන්න ගිහින් උඹ දවසක ලොකු විනාසයක් කරගන්නවා හනා...
මට බයයි උඹ ගැන."


💜️ "බයවෙන්න එපා සත්තලම්...
මගේ ජීවිතේට හානියක් වෙන කිසිම දෙයක් මං කරගන්නෑ."


☘️ "උඹේ හිතුවක්කාරකම් වලට සීමාවක් නෑ හනා..
කියන දෙයක් අහන්නෑ , හිතුමතේ හිතෙන හිතෙන දේ කරනවා...
ආන්ටිට මැරිලාවත් සැනසීමක් නැතුව ඇති උඹ කරන වැඩ වලට."

!!හනා!! ||JJK||Where stories live. Discover now