💖~•~•~•~•~•~•~•~•~•~•~💖
දෙන්නම යුන්හිව දකින්න බලාපොරොත්තු උනත් එතන උන්නෙ ජිමින්...
හනා පපුවට අතක් තියාගෙන ඒ සැනසිල්ල විඳිද්දි ජිමින් එතන ඉන්නවා කියලා ගානක්වත් නැතුව ජන්ග්කුක් ආපහු හනාව තමන්ගේ උණුහුමට නතු කරගත්තා...
🐥"ජන්ග්කුක් උඹට පිස්සු හැදිලද හු**** නමක් නැති බැඳීමකට මේ පොඩි එකීව ඇදලා ගන්න හදන්නෙ.....
ඒකි හැම දුකක්ම හිතේ හිරකරගෙන උඹෙන් ඈත්වෙලා ඉන්න මෙච්චර වලිකන්නෙ යුන්හිට තියෙන ආදරේ නිසා...
මේ කෙල්ලට පුලුවන් නන් උඹට ඇයි උඹව කන්ට්‍රෝල් කරගන්න බැරි.....?"🐰"ජිමින් නොදන්න දේවල් කියවන්න එපා යකෝ..
මගෙන් ඈත්වෙලා ඉන්න පුලුවන් නිසාද පපුවෙ මගේ නම ගහලා ටැටූ එකක් කොටාගෙන ඉන්නෙ...?
ඈත්වෙලා ඉන්න පුලුවන් නිසාද බෙල්ලෙ තියෙන ලොකට් එකේ මගේ ෆොටෝ එකක් දාන් ඉන්නෙ...?
එතකොට ප්‍රැක්ටිස් කරනවා කියලා ගිහින් ටෙනිස් කෝඩ් එකේ මුල්ලක වාඩිවෙලා අඬන්නෙ මාව අමතක කරලා ඉන්න පුලුවන් නිසාද....?
රෑට නින්දෙන් මගේ නම කොඳුර කොඳුර අඬන්නෙ මාව අමතක කරලා ඉන්න පුලුවන් නිසාද.....?"😡😡😡😡😡ජන්ග්කුක් එහෙම කියද්දි කෙල්ල ගැස්සුනේ තමන් එහෙම හීනෙන් අඬන විත්තියක් කෙල්ල නොදැන උන්නු හින්දා...
ඒ වගේම කෙල්ලට හිතාගන්න බෑ තමන්ගේ ලොකට් එක ගැනයි , තමන් ටෙනිස් කෝඩ් එකේදි අඬන එක ගැනයි ශේ දන්නෙ කොහොමද කියලා...
ජන්ග්කුක් මේ දේවල් කියද්දි ජිමින්ට කියාගන්න දෙයක් නැතිවුණේ ජිමින් පවා මේ දේවල් හොඳටම දැනන් උන්නු හින්දා...
මේ සම්බන්ධෙ ගැන දැනගත්තු දා පටන් යූරීයි ,ජිමිනුයි මේ දෙන්නා ගැනම ටච් එකේ උන්නෙ...
දෙන්නා දෙපැත්තට වෙලා දුක්විඳින තරම ජිමින් හොඳටම දන්නවා...
🐥"ජන්ග්කුක් ඒ සේරම ඇත්ත උනත් උඹට ඕනේ මේ පොඩි එකීව උඹේ හොර ගෑනි කරගන්නද.....?"😡😡😡😡
🐰"ජිමින්......"😠😠😠
🐥"උඹට ඒ වචනෙ කියද්දිත් කේන්ති යනවා නන් ඇයි හු*** මේ පොඩි එකීව ඒ තත්වෙට ඇදලා දාන්න හදන්නෙ...
උඹව කන්ට්‍රෝල් කරගනින් ජන්ග්කුක්...
ආදරේ කරන්නම ඕනේ නන් උඹ උඹේ ගෑනිට ආදරේ කරපන්...
මේ පොඩි එකීව උඹලා දෙන්නගෙ මැද්දට ඇදලා ගන්න එපා."
YOU ARE READING
!!හනා!! ||JJK||
RomanceEverything is Fair love and war...💖 Cover Credit Goes To :- @Liyona7