15 කොටස

129 25 0
                                    

💖~•~•~•~•~•~•~•~•~•~•~💖

🐰"යුන්හි ඔයාට පිස්සු හැදිලද අහ්....?"

🍁"මට පිස්සු හැදිලා තමයි ජන්ග්කුක්...
මගේ කසාද මිනිහා මගේම නංගි වගේ ඉන්න සුදු මැණිකට ආදරේ කරනවා කියලා අහපු වෙලාවෙ ඉදන් මට පිස්සු තමයි...
ම්......මොකද්ද මගෙන් වෙච්ච අඩුව මැණික.....?
ම්...මං ලස්සන මදිද.....?
න්...නැත්තන් මං ඉස්සරහා ඔයාගේ ෆීලින්ස් ඇවිස්සෙන්නැද්ද.....?
මගෙන් ඔයාට ලැබිච්චි දේවල් මදිද ජන්ග්කුක්.....?
මගෙන් ඔයා සතුටක් ලැබුවෙ නැද්ද....?
ම්...මොකක් හරි අඩුවක් උනා නන් ම්...මට කියන්න කුකී..
.මං ඔයා කැමති විදිහට හැඩගැහෙන්නන්."

🐰"යුන්හි ඔලුව හොඳ නැති වෙලාද තමුන්ගේ....?
එහෙම දෙයක් නෑ."

🍁"එහෙනන් ඔයා ඔච්චර පිස්සු වැටෙන්න තරම් සුදු මැණිකගේ මොනාද තියෙන්නෙ.....?
ම්...මං ලග නැති විශේෂ දෙයක් එයා ලග තියෙනවද කුකී.....?
ම්....මට ඔයාට දෙන්න බැරි මොනාහරි දෙයක් සුදු මැණික ඔයාට දෙනවද....?
නැත්තන් අපේ සෙක්ශුවල් ලයිෆ් එකේ මොකක් හරි අඩුවක්ද.....?
කියන්න ම්....මං ක්...කොහොම හරි ඔයා කැමති විදිහට හැඩගැහෙන්නන්."

🐰"යුන්හි ඔයා හිතන විදිහෙ දෙයක් නෑ."

🍁"එහෙනන් කොයි විදිහෙ දෙයක්ද තියෙන්නේ ජන්ග්කුක්....?"

🐰"මට ඒ හැඟීම වචන කරන්න තේරෙන්නෑ යුන්හි..
ඒ හුරතලේ ලඟදි මට මාවම අමතක වෙනවා...
ඒ ඇස්වල තියෙන ආදරේ උතුරන බැල්ම ලඟදි මට දැනෙනවා මං ජීව්ත් වෙනවා කියලා...
ඒ උණුහුමට තුරුල් උනාම පුදුම සැනසීමක් දැනෙනවා...
ඒ දඟකාරකම් ලඟදි මගේ හැඟීම් මට ම කන්ට්‍රෝල් නැතුව යනවා...
ඒ ආදරේට හේතු හොයන්න එපා යුන්හි...
මටත් හිතාගන්න බෑ ඒ හුරතල් කෙල්ලට මං පිස්සෙක් වගේ ආදරේ කරන්නෙ ඇයි කියලාවත්.....?
මේ මගේ හිතට ආදරේ දැනුනෙ පලවෙනි වතාවට යුන්හි...
මං දන්නවා ඒක වරදක් කියලා...
ඒත් ඒ වරද නොකර ඉන්න මට හයියක් නෑ...
මට මගේ ආදරේ නැතිකරගන්න බෑ යුන්හි...
ප්ලීස් තේරුම් ගන්න."

🍁"ඒක මොන අසාධාරණ ඉල්ලීමක්ද ජන්ග්කුක්.....?
ඔයා ඩිංගක්වත් මගේ පැත්තෙන් මේ දේ ගැන හිතුවෙ නැද්ද...?
මං මෙච්චර වේදනාවක් කොහොම දරාගනියිද කියලා චුට්ටක්වත් හිතුවෙ නැද්ද කුකී....?
අවුරුදු දෙකක් ඔයත් එක්ක ජීවිතේ බෙදාගත්තු මං ගැන ඔයාට තැකීමක් නැද්ද දෙයියනේ....?"

!!හනා!! ||JJK||Where stories live. Discover now