11 කොටස

138 27 20
                                    

💖~•~•~•~•~•~•~•~•~•~•~💖

සෑහෙන වෙලාවක් බාත්රූම් එකට වෙලා අඬ අඬ උන්නු කෙල්ල බාත්රූම් එකෙන් එලියට ආවේ යූරී එක දිගට දොර කඩන්න හදපු නිසා...

☘️"හනා ඇයි උඹ අඬන්නෙ....?
ඔප්පත් මේ පැත්තෙ ඉදන් ආවා ඇස්දෙක රතු කරන් කදුළු පුරෝගෙන...
මොනා හරි උනාද ආයේ....?"

💜"මං වොෂ් දාන් එද්දි කුකී කාමරේ උන්නෙ...
එයා ටැටූ එක දැක්කා...

ඒකට අවුල් ඇති."

☘️"ඇයි උඹ දොර වහලා ගියේ නැත්තෙ....?
එහෙම උනා නන් ජන්ග්කුක්ට එන්න බෑනේ."

💜"මං ඒක එච්චර හිතුවෙ නෑ බන්...
පුරුද්දට එහෙමම ගියා...
ආයේ එහෙම කරන්නෑ."

☘️"හරි වෙච්ච දේ දැන් වෙලා ඉවරනෙ.."

💜"උඹ පහලට පලයන්...
මම ඇඳුමක් දාන් එන්නන්."

☘️"ඉක්මනට වරෙන් උඹ තාම උදේට කාලත් නෑනේ...
උඹේ කෑම ටික තියෙනවා තාම."

💜"මං සිං ගාලා එන්නන් මටත් බඩගිනියි."

බෙල්ල ලගටම උස ටී-ශර්ට් එකට ත්‍රීක්වාර් එකක් ඇඳගත්තු කෙල්ල කොණ්ඩෙටත් පෝනිටේල් එකක් දාගෙන පහලට ආවා...

කෙල්ල කොහොම ඇන්දත් හෙන හුරතල් පාටයි ඉතින්...

ජන්ග්කුක් ගේ මූණ වේදනාවෙන් පිරිලා තියෙනවා දකිද්දි කෙල්ලට ඊට වැඩිය වේදනාවක් දැනුනා...

කොල්ලට අත උස්සන්න වෙච්ච එකටත් කෙල්ලට දුකයි...

කෙල්ල අඩියට දෙකට ජන්ග්කුක් ලගට ගිහින් ශේ ගේ බෙල්ල බදාගත්තෙ යුන්හියි , යූරීයි එතන ඉද්දිමයි...

කෙල්ල ජන්ග්කුක්ගේ බෙල්ල බදාගෙන තමන් ගහපු කම්මුල කිස් කරා...

කොල්ලගේ ඇස්දෙක පුදුමෙන් ලොකුවෙලා තිබ්බෙ කෙල්ලගෙන් එහෙම හැසිරීමක් බලාපොරොත්තු නොවෙච්ච නිසා...

💜"සොරි මගේ කුකී...😔😔😔
හිතලා නෙවෙයි ඔයාට අත ඉස්සුවේ...
ඔන්නිට වැරැද්දක් වෙයි කියන බයටයි එහෙම උනේ...
සොරි පණ....."

කොල්ලට විතරක් ඇහෙන්න එහෙම කොඳුරපු ආයෙම කොල්ලගේ කම්මුල කිස් කරලා කොල්ලාගෙන් මිදුනා...

!!හනා!! ||JJK||Where stories live. Discover now