chapter 8❤

57 11 0
                                    


play the music while reading

විනාඩි 15ක් කිසි විවේකයක් නැතුව දිව්ව ලූනට එයා කෙහෙද ඉන්නෙ කියලවත් දැනන් හිටියෙ නෑ. බලන හැම පැත්තකම තිබුනෙ ගස් විතරයි ගස්වල උස නිසා ඉර එලිය පොඩ්ඩක්වත් එතනට වැටුනෙ නෑ . එ්ක දිගම දිග පාරක් . පාර දෙපැත්තෙම ගොඩක් උස ගස් . පාර ගොඩක් දුරට පෙනුනත් කිසිම කෙලවරක් පෙනුනෙ නැ. කිසිම එලියක් නැති එ් පාලු පාරෙ දුවන ලූනගෙ අඩි සද්දෙයි එයාගෙ පිටිපස්සෙන් දුවන ගොඩක් කට්ටියගෙයි අඩි සද්ද පාරෙ වැටිල තිබුන වේලුනු කොල නිසා හොදින් අැහුනා.පුලුවන් උපරිම දිව්ව ලූනා නැවතුනෙ හති අරින ගමන්. නැවතිලා පිටිපස්ස බලපු ලූනට දැක ගන්න පුලුවන් වුනෙ ගොරවමින් ලූනා දිහා වියරුවෙන් බලන් ඉන්න වෘක රන්චුවක් . එ නිකන් වෘකයො නෙවෙ සාමාන්‍ය වෘකයොන්ට වඩා තුන් ගුනයකින් වගේ ලොකු උන්. තද කලු පාට ලොම් තිබුන ඔවුන්ට තිබුනෙ රතු අැස් . දහ දෙනෙක්ගෙන් යුතු ලොකු වෘක රන්චුවක් සමග ලූනා නිකන් කූඹියෙක් වගෙ. හිමීට ලූනගෙ වටේ කවයක් සැදුන වෘකයො ටිකින් ටික ඉස්සරහට අාවෙ ලූනා දාඩියෙන් තෙත් වෙද්දි. දැඩි නිහඩ බවක් තිබුන පාලු පාර පුරාවටම අැහුනෙ ලූනගෙ හුස්මවල සද්දෙයි වෘකයන්ගෙ රෞද්‍ර ගෙරවුම්වල සද්දෙයි විතරයි.

ටිකින් ටික තමන්ට කිට්ටු වන වෘක රන්චුව දිහා ලූනා බැලුවෙ බේරෙන්න විදිහක් ගැන හිතමින්. වෘකයො ලූනට අඩි දෙක තුනක් විතර අෑතින් ඉද්දි තමා ලූනා ටික දවසක් පාවිච්චි කරපු නැති එයාගෙ බලය පාවිච්චි කරන්න ගත්තෙ. අත් දෙක එක ලගට ගත්තු ලූනා හිමින් අැස් දෙක වහ ගත්තෙ තමන්ගෙ හිසෙ ඉදන් පාදයට වෙනකන්ම තිබෙන මායාවන් එක තැනකට එකතු කරමින්. ලූනගෙ අත් දෙකෙන් සහ අැගෙන් ටිකින් ටික අැතිවෙන එලිය දැක්ක වෘකයොටික අඩියක් පස්සට ගියෙ එලියෙන් ඔවුන්ට කරදරයක් වෙනවා වගේ. අමුතු හුලගක් ලූනගෙ වටෙ කැරකුනේ ලූනගෙ කොන්ඩෙ හුලගෙ රිද්මයට හෙලවෙද්දි. ටිකින් ටික ලූනගෙ අැගෙන් විහිදෙන එලිය වැඩි වෙනකොට ලූනගෙ මෙච්චර දවස් තිබුන දිග කලු කොන්ඩය තැනින් තැන රන්වන් පාටට හැරෙනවත් එක්ක මෙච්චරවෙලා ගොරවමින් හිටිය වෘකයො බයෙන් ගැහෙන්න ගත්තෙ එයාලගෙ මරනය ලං වුනා වගෙ. ටිකින් ටික ලූනා දැනටමත් එයාගෙ රත්තරන් පාටට හැරිලා තිබුන අැස් අැරියම එයාගෙ අත්වල ලොකු අාලෝක ගෝලයක් හැදුනා. හිමීට වටපිට බලමින් හිටපු ලූනා අත් අෑත් කරනවත් එක්කම අාලෝකය වටේට විහිදෙන්න ගත්තෙ ලූනගේ කරේ තිබුන අඩ සඳක් සහ ඉරක හැඩයකින් තිබු මාලය ඊට නොදෙවෙනි අාලෝකයක් පිට කරද්දි.ලූනගෙ අතේ ලොකුවට හැදිලා තිබුන ගෝලය ලොකු අාලෝකයක් පිට කරමින් පිපිරිලා ගියෙ හිරු රැස් එතන බයෙන් වෙව්ලමින් හිටපු වෘකයන්ගෙ අැගවල් පසාරු කරගෙන ගියේ එ් වෘකයන්ගෙ ශරීර ටිකින් ටික අදුරු කලු දුම් වලට හැරෙද්දි.

RISE OF MAGICWhere stories live. Discover now