ඉර හොදට පායලා තිබුන ලස්සන උදෑසනක් වෙනස් වුනේ ගොඩක් ඉක්මනට. පායලා තිබුන දීප්තිමත් සූර්යයා අදුරු වලාවන් වසා ගත්තෙ මුලු වටපිටාවම එක් නිමේෂයකදී අදුරු කරමින්. මුලු නගරේම තිබුනෙ පාලු බවක්. පාරෙ එක මනුස්සයෙක් වත් පෙනෙන්න හිටියෙ නෑ. ඒ වෙලාවෙම ගෙදර දොර ඇරගෙන එලියට ආවෙ මේ කිසිදෙයක් ගැන නොදන්න අනායා . එලියට අඩිය තියනවත් එක්කම හමපු සීතල සුළඟට අනායගෙ කොන්ඩය මූණට වැටෙද්දී ඒ ලගින්ම අදුරු චායාවක් මාරු වෙනවා අනායා ඇස් කොනෙන් වගේ දැක්කා. ඉක්මනට කොණ්ඩය ආයෙත් හදාගෙන
වටපිට බලපු අනායට දැකගන්න ලැබුනෙ පාලුවට ගිය පාර විතරයි. අදුරු වෙලා තියෙන අහසට බැල්මක් හෙලලා යන්න පිටත් උනේ ඉස්කෝලෙට. යන පාර දිගටම කිසිම කෙනෙක්ව දකින්න ලැබුන්නැති නිසා අනායට දැනුනෙ මහ අමුතුම හැඟීමක්. වෙනදට මිනිස්සු පිරුණ කාර්යබහුල වීදිවල අද බල්ලෙක්වත් නෑ.ඉස්කෝලෙ පේන මානයට එන කොටම වගේ ගොඩක් හයියෙන් හුළං හමන්න ගත්තා. ඒ හුලගෙ සැරට අනායව පිටිපස්සට විසිවෙද්දි වටෙන්ම එකතු වෙන්න ගත්තෙ ගණකම මීදුමක්. වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව අනායා වටපිට බලද්දි මීදුම වටේටම පැතිරුණා. අහල පහල තියෙන කිසිදෙයක් නොපෙනෙන්න ගනිද්දී අනායාගෙ මුලු ඇගම සීතල වෙලා ගියා. අනායා අඩියෙන් අඩිය පිටිපස්සට යද්දි එකපාරටම කන ලගින්ම ගෙරවුම් හඩක් නිසා අනායට කෑගැහුනෙ ඉබේටමයි. බය වෙලා වටපිට බලනකොට තමා වටෙන්ම මතුවෙන රතුපාට ඇස් අනායට දැකගන්න ලැබුනෙ.
🌸ක-කවුද ඔතන
අනායගෙ කටහඩ ඇහෙනවත් එක්කම ඉස්සරහට පැන්නෙ ලොකුම ලොකු වෘකයෙක්. කලු ලොම් රතු ඇස් ඔහුට ගෙන දුන්නෙ බයානක පෙනුමක්. ඌට පිටිපස්සෙන් එකින් එක මතු වුනේ ඌ වගේම වෘක රංචුවක්. මේ දැක්ක දෙයින් ඇතිවුන බයටම අනායට කෑගැහුනා.
🌸ක-කවුද ඔයාලා😨
🐺අපිව එච්චර ඉක්මනට අමතක උනාද චූටි කුමාරිට
වෘක නායකයගෙ ගොරෝසු කටහඩ අවදි වෙද්දි අනායගෙ ඇස් ඉදිරිපිටදීම අතීත සිද්ධි එකින් එක මැවෙද්දි අනායා ඔලුවත් අල්ලගෙන කෑගහන්න ගත්තම වෘක රංචුව මහ කැත විදිහට හිනා උනා. ඒ හිනාව කොච්චර අප්‍රසන්නද කියනවනම් යකඩයක් සූරන විට එන හඩට සමාන හඩක් තමා ඔවුන්ගෙන් පිටවුනේ.
🌸මොන මගුලක්ද හලෝ කියවන්නෙ වැස්සකටවත් සත්තුවත්තට ගිහින් නැති මං කොහොමද ඔයාලා වගෙ නරි රැලක් අදුරන්නෙ.
අනායට ඔලුවෙ කැක්කුමත් මතක නෑ දැන්.
🐺 1 -ඒයි ඒයි අපි නරි නෙමේ හරිද!!!
අනායා කියපු එකට කෑ ගැහුවෙ රංචුව පිටිපස්සට වෙන්න හිටපු වෘකයෙක්.
🌸අම්මටසිරි කලින් කියන්න එපැයි සහෝ
🐺 1- කියන්න දුන්--
🐺යා!!!!! තමුසෙලා මෙතන සාම සාකච්ඡාවක්ද කරන්නෙ !!! ගිහින් අල්ල ගන්නවා අර කෙල්ලව බූරු රැල!!!!!!!
අනායගෙයි වෘකයාගෙයි කතාවට බාධා කරමින් කෑ ගැහුවෙ රංචුවේ නායකයා. ඒත් එක්කම මුලු වෘක රංචුවම අනායගෙ පැත්තට පැන්නා. වෙන්නයන දේ තේරුම්ගත්ත අනායා කකුල් දෙකට වැදලා දුවන්න ගත්තෙ වෘකයො ටිකත් අනායගෙ පිටිපස්සෙන්ම පන්නද්දි.
දැනටමත් කලුවලා තියෙන අහසෙ තැනින් තැන විදුලි අකුනු පැතිරෙන්න ගත්තා.දුවලා දුවලා අනාය ඇතුල් වුනෙ අදුරු පාරකට. පාර දෙපැත්තෙම තියෙන අහස තරම් උස ගස් නිසා පාරට එලිය ටිකක්වත් වැටෙන්නැති තරම්. එකින් එක වැහිබිදු
පොලොවට වැටෙන්න ගත්තා. ඒ පාරෙ අදුර තවත් වැඩි කරමින්. වාසනාවකට පාර දෙපැත්තෙ තිබුන ගස් නිසා වැස්සෙන් එතන බේරුණා. දුවපු විදියට අනායාවත් දැනං හිටියෙ නෑ තමන් කොහෙද කියලා. හැබැයි වෘක නායකයගෙ මූනෙ කපටි කෑදර හිනාවක් රැඳිලා තිබුනෙ තමන්ට අවශ්‍ය තැනටම ගොදුර ආව නිසා. දුවලා හෙම්බත් උන අනායා මගකදි නතර උනෙ හති දාගෙන.🌸මට පොඩ්ඩක් කියනවද ඇයි අපි මේ දුවන්නෙ කියලා.
🐺දුවන්නෙ අපි තමුන්ව මරන්න යන නිසා.
🌸නරි අන්කල් එන්නෙ එහෙමනං ඉතින් මටත් ඒ විදියටම එන්න වෙනවා මං කිව්වෙ නෑ කියන්න එපා හොදද
🐺කෙල්ලගෙ කටනං අඩු වෙලා නෑ වගේ. කොල්ලනෙ යන්න!!!!!!
නායකයගෙ අනත් සමග වෘකයො හැමෝම අනායගෙ ඇගට පැන්නා. නමුත් අනිත් පැත්තෙන් ආව ලොකු ගිනි වලාවකට රැලෙන් බාගයක්ම අලු වෙලා ගියා.
🌸මං කිව්වනෙ අන්කල්ට කලින්ම.
වෘකයා තවත් මොනාහරි කියන්න ගියත් අනායගෙ ටිකින් ටික වෙනස් වෙන කොන්ඩය හා ඇස් දැක්කම ඌගෙ කටහඩ බොදවෙලා ගියා.
🐺මේක කොහොමද වෙන්නෙ .
වෘකයගෙ බය පිරුන හඩ ඇහෙද්දි අනායගෙ තොල්වල පැතිරුනෙ ජයග්‍රාහී හිනාවක්.ඒත් එකපාරටම
ලමයි එක පාරටම මොකද්ද උනේ. ඊලඟ එකෙන් බලමු. Comment කරන්න. Bye bye love ya❤️❤️❤️
YOU ARE READING
RISE OF MAGIC
Fantasyලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...