කලු පාට.අන්දකාරය . කිසිම දෙයක් දන්නෙ නැතුව කලබලෙන් හැම පැත්තම බලපු එ් ගැනු ලමයා තවත් අසරණ උනේ බලන හැම පැත්තකම තිබ්බෙ අන්දකාරය විතරක් නිසා. ටික වෙලාවක් වට පිට බලපු එ ගෑනු ලමයගෙ අැස්වලින් කදුලු අාවෙ කරගන්න දෙයක් තිබුනේ නැති නිසා. දණිස් දෙකත් බැඳගෙන අඩන ගෑනු ලමයා ඔලුව උස්සලා බැලුවෙ ගොඩක් හුරුපුරුදු කටහඩක් එයාගෙ නම කියපු නිසා."sarina නැගිටින්න දරුවො බය වෙන්න එපා "
ඔලුව උස්සපු සරීනා අැස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ එයාගෙ ඉස්සරහ ඉන්න ලස්සන ගෑනු කෙනා දිහා.එයාට මෙච්චර දවසක් හීනෙන් කතා කරපු ගෑනු කෙනා. මෙච්චර දවසක් එයාගෙ කටහඩ අහලා තිබුනට මේ එයාව දකින පලවෙනි වතාව.
"ඔ-ඔයානේද මාත් එක්ක මෙ-මෙච්චර දවසක් කතා කලේ"
සරීනා බිදුන කටහඩකින් එ ගෑණු කෙනාගෙන් අැහුවෙ තාමත් අැස් දෙක ලොකු කරන් එයාව උඩ ඉදන් පහලට බලන ගමන්. එයාට තිබුනෙ සුදුම සුදු හමක්, ලස්සන අහස වගේ නිල් අැස් දෙකක් . එයා අැදන් හිටියෙ තනි සුදු කකුල්වලිනුත් පහලට යන ලස්සන ගවුමක්. එයාගෙ සුදු කොන්ඩෙ ඉනටත් වඩා පහලින් තිබ්බෙ එයාලෙ ලස්සන තවත් වැඩි කරමින්. ගොඩක් තරුන පෙනුමක් තිබුන එයාව දකින ඕන කෙනෙක් වශී වෙනවා.
"ඔව් දරුවො එ මම"
"එතකොට ඔයා කොහොමද මාව දන්නෙ "
"මම දන්නවා දරුවො ගොඩක් කල් ඉදන් දන්නවා . ඔයාලා ඉපදෙන්න කලින්ම මන් ඔයාලව දන්නවා"
එයා හිනාවෙවි එහෙම කිව්වෙ සරීනව බිමින් නැගිට්ටවන ගමන්."ඔයාලා කිව්වෙ?"
"ඉක්මනට දැනගනි සරීනා. ඔයාලා ඉක්මනට හමු වේවි.එහෙම හමු වුනාම හැමෝවම එකට තියාගන්න එක ඔයාගෙ වගකීම "
එයා සරිනගෙ කම්මුලකට අත තියලා එහෙම කිව්වම සරිනා මුකුත් තේරුනෙ නැති වුනාට ඔලුව වැනුවා.
"එ්ත් මං එයාලාව අදුර ගන්නෙ කොහොමද?"
සරීනා එහෙම අහනකොටත් එයා කරේ පුරුදු විදිහට හිනාවෙලා සරීනගෙ ඔලුව අතගෑව එක.
"එයාලා හැමෝම ගාව සලකුනක් තියෙනවා ඔයාටත් තියෙනවා
එ්ක අදුනගන්න ඕන ඔයාලමයි දරුවො"
YOU ARE READING
RISE OF MAGIC
Fantasíaලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...