"අනායා........." කලු මීදුම අතරින් ගොරෝසු හඩක් මතු වුනේ අනායගෙ මුලු ඇගම වෙව්ලා යද්දි. මේ වෙද්දි අනායගෙ වටේට ඝන මීදුමක් පැතිරෙන්න පටන් අරන්. මීදුම නිසා තමන්ගෙන් අඩි කිහිපයක දුරක් විතරයි අනායට පෙනුනේ.ඒ මීදුම අතර අතුරුදහන් වුන වෘක රංචුව හොයාගන්න බැරුව අනායා හිටියෙ කලබලෙන්. කිසිම දෙයක් නොපෙනුනත් අවට හඩවල් අනායට හොදින් ඇහුනා . ඇසෙන සියුම් ශබ්දවලට හොදින් අවධානය දෙද්දි අනායට දකුණට වෙන්න තමාට ලංවෙන අඩි හඩක් ඇහුනා. කරදරයක් අත ලග තියෙන බව තේරුම් යද්දි අනායගෙ ඇගිලි තුඩුවල ඉදන් අත්වල බාගයක් දුර යනකම් නිල් රතු ගිනි දැල් ඇවිලෙන්න ගත්තෙ වෙන ඕනම දෙයකට මුහුණ දෙන්න සූදානමින්. අඩි සද්දය මුලදී හිමින් ඇහුනත් දැන් ඒ හඩ එන්න එන්නම වේගවත් වුනා වගේම එන්න එන්නම ලං වුනා. ඒක මොනතරම් ලගට ආවත් අනායා එක අඩියක් හෙල්ලුනේ නැහැ. මීදුම් අතරින් දුවන් ආපු වෘකයෙක් මීදුමින් එලියට පැන්නෙ වියරුවෙන් වගේ ගොරවමින්. ඒ මොහොතෙම ක්රියාත්මක වුන අනාය අත් එකතු කරලා වෘකයා දිහාට විශාල ගිනි සිලුවක් විසි කලා. මගක් දුර යද්දි ඒ ගිනි සිලුව ඊතලයක් බවට පත් වුනේ වේගයෙන් ඉදිරියට ඇදෙන අතරතුර. ගිනි විහිදුවමින් ඒ ඊතලය හරියටම නැවතුනේ වෘකයාගේ පපුවේ. වේදනාකාරීව කෑ ගහමින් වෘකයා පොලොවට ඇදවැටුනා. ටිකින් ටික ගින්නට අලු වෙන වෘකයගෙ සිරුර දිහා අනායා බලන් හිටියෙ පුදුමෙන්. තමන්ට එච්චර දෙයක් කරන්න පුලුවන් කියලා අනායා දැනගත්තු පලවෙනි වතාව.
වෘකයා දිහා බලන් ඉන්න අනායා එයාට පිටිපස්සෙන් තමන්ව මරන්න බලන් ඉන්න වෘක නායකයවවත් වෘක නායකයට පිටුපසින් මතු වුන නිල් පාට එලියවත් දැක්කෙ නෑ. වෘක රැලේ නායකයා අනායට අඩියෙන් අඩිය ලන් වෙද්දී ඉතිරි වෘකයො බලන් හිටියෙ අනායගෙ අවසානය දකින්න. ඒත් ඒ වෘකයන් අතරින් එක් වෘකයෙක් හිටියා මෙම වෙන් දේට කැමැත්තක් තිබුන්නැති. ඔය අතරෙ මීදුම අතරින් වෘක නායකයට පිටිපස්සෙන් මතුවුන නිල් එළිය හිමීට බොදවෙනවත් එක්කම ඒ අතරින් එලියට ආවෙ ෆියෝනා කාලයක් සුදු වෘක රැජිණ ලෙස ප්රසිද්ධ වුන ඒ කෙනා. ඇයට පිටුපසින් කාලයක් මායා රාජධානියක වැඩිමහල් කුමරිය වුන සරීනා. වෘක නායකයෙගෙ එක් අඩියක් පාසා එක තරුණ වෘකයෙකුගේ හදගැස්ම වැඩි වුනා. ඒ වෙන කවුරුත් නෙමේ වෘක රාජධානියේ ඊළග උරුමකරු "රේ " . වෘක රැලේ අනිත් අයට වඩා වෙනස් පෙනුමක් තමා එයාට තිබුනෙ. නිල් ඇස් සහ අලු ලොම්. වෘක නායකයා ප්රහාරයට සූදානම් වෙද්දී ඒක දැකපු සරීනට නම් බලන් ඉන්න බැරි උනා.
YOU ARE READING
RISE OF MAGIC
Fantasyලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...