Hi ළමයිලා අම්මො ගොඩ කාලෙකින් නෙ . සොරි ඉතිම් මේදවස්වල exam හින්දා busy වලා හිටියෙ . කොහොමහරි ඉතිම් මං ආවනෙ . මේකට reads 200+ නේ වාව් අත්තටම එච්චර තියෙයි කියලා හිතුවෙ නෑ . තැන්කූ මේක කියවන රීඩර්ස්ලා හැමෝටම මේකෙ ඉන්නෙ silent readersලා තමා ඉතින් වැඩි හරියක්. ඒත් තැන්කු හැමෝටම ආදරෙයි පැලෙන්න. ❤️❤️❤️❤️❤️❤️
කැලයක් උසම උස පයින් ගස්වලින් හැදුන ලොකුම ලොකු කැලයක් . පයින් ගස්වලින් පිරුන මේ කැලේ මැදට වෙන්න තිබුනෙ ලොකු ගෙයක්. තනිකර ලීවලින් හදලා තිබුන ගෙදර මහල් දෙකකින් සමන්විත වෙනවා. ගෙදර වටේට වවලා තිබුන නිල් සහ සුදු මල් පදුරුවලින් මේ ගෙදරට එකතු උනේ අමුතුම ලස්සනක් සහ නිස්කලන්ක බවක්. මේ වගේ දෙයක් කැලයක් මැද්දෙ තියෙයි කියලා කිසිම කෙනෙක් හිතන එකක් නෑ . ගෙදර වගේම ගේ ඇතුලෙ බඩුත් හදලා තිබුනෙ ලීවලින්. යට තට්ටුවෙ kitchen එකක් living room එකක් washroom එකක් වගේ හැමදෙයක්ම තිබුනා . උඩ තට්ටුවෙ දිග කොරිඩෝ එකක් එක්ක තිබුනෙ රූම්ස් දෙකක් . එක කාමරයක් දැනටමත් පාවිච්චි කරන පෙනුමක් සහ තනි කෙනෙක්ට ෝඔන හැමදෙයක්ම වගේ තිබුනා . දෙවෙනි කාමරේ කලින් එකට වඩා ගොඩක් ලොකුයි වගේම ඒක කිසි කෙනෙක් පාවිච්චි කරන පෙනුමක් තිබුනෙ නෑ මුලු කාමරේටම තිබුනෙ ඇදවල් හයක් විතරයි. ඒවලින් ඇදවල් දෙකක දැනටමත් තරුණ ගෑනු ලමයි දෙන්නෙක් ඉන්නවා.කෙනෙක්ට දිග කලු කොන්ඩයක් තිබුන අතර එහි තැනින් තැන රන්වන් පාටට හැරී තිබුනි . අනෙකාට තිබුනේ ඉන තරමට දිග කලු සහ නිල් පාට කොන්ඩයක්.
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
🍁" අඩෝ මට බෑ බං අඩු වයසින් පරලොව යන්න . ගස්ගෙම්බියේ අහපන් කොහොමද මෙච්චර උස තාප්පෙකින් අපි පනින්නෙ. බලන්න මලක් වගේ ඉන්න මම කොහොමද මේකට නගින්නෙ ආා. ටොට මොලයක් නැද්ද උලමියේ"
🍂"ඔයි කට වහගනිම් බං මේක එච්චර උස නෑ අනිත් එක මං ඉන්නවනෙ "
🍁"ඉන්නවා තමා කොහොමද උබ දැන් ඔකට කොහොමද බෝ නගින්නෙ . ආා අමතක උනානෙ උබ වැදිරියෙක් කියලා.😏"
YOU ARE READING
RISE OF MAGIC
Fantasyලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...