chapter 5❤

73 16 0
                                    

ලස්සන අලුත් දවසක් .හැමෝටම එහෙම උනාට අනායට එහෙම වෙයිද.basement එකේ කොනකට ගුලිවෙලා නිදාගෙන හිටපු අනායා එකපාරට ගැස්සිලා අැහැරුනේ එකපාරටම අැගට සීතල වතුර ගොඩක් වැටුන හින්දා.

🌂තමුසෙ ඔහොම නිදාගෙන හිටියම කවුද උදේට කන්න හදන්නෙ අාා නැගිටිනවා දැන්.ඉක්මනට ගිහිල්ලා උදේට කන්න හදනවා.

කුඩම්මා එහෙම කිව්වම අනායා නම් හිටියෙ කුඩම්මව අලු වෙලා යන තරමට රවාගෙන.

🌂මොකද උබ අාා මන් දිහාද තමුසෙ ඔහොම බලන්නෙ කියනවා.

කුඩම්මා එහෙම කියලා අනායගෙ කොණ්ඩෙන් අැදලා ගත්තම අනායා කරෙ කට කොනින් චාටර් හිනාවක් දාපු එක.එ්කෙන් උනේ කුඩම්මගෙ තරහ වැඩි වෙලා අනායට කලින් දවසෙ වගේම කම්මුල් පාරක් කන්න සිද්ධ වුන එක.එත් මේපාර නම් අනායා කුඩම්මගෙ අැස් දෙක දිහා බලන් හිටිය විදිහට කුඩම්මට පොඩි බයක් දැනුනෙ නෑ කිව්වොත් ඉතින් මේ ඔතරයා බොරු කිව්වා වෙනවා😉. ටික වෙලාවක් එ් විදිහට බලාගෙන හිටපු අනායා ඉක්මනට අනිත් පැත්ත බලා ගත්තෙ එයාලෙ අැස්වල පාට වෙනස් වෙනවා කියලා හොදටම දැනුන නිසා.

🌂ඉ-ඉක්මනට උදේට කන්න හදනවා.

කලින් බයවෙච්ච පාරද කොහෙද කුඩම්මා ටිකක් ගොතගගහ එහෙම කියලා ඉක්මනට එලියට ගියෙ අනායා අායෙත් කට කොනින් හිනාවක් දාද්දි.

◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇

ලූනා හිටියෙ ඊයෙ රෑ වෙච්ච දේවල් ගැන හිත හිත .වෙනදටත් වඩා උදෙන්ම ගෙදරින් අාවෙ අායෙත් අර පාර ලගට යන්න .පාර ලග තිබ්බ ගහක් යට වාඩිවෙලා අර මාලෙත් අතේ තියාගෙන කල්පනා කරේ එ් මොනාද උනේ කියලා . එවෙලෙ එයා මොනවද කරේ කියලාවත් ලුනා දැනන් හිටියෙ නෑ . එ වෙලාවෙ එයාගෙ අැග නිකන්ම වැඩ කරන්න ගත්තා වගේ. එතකොට එ් වෘකයා එයාගෙ නම කොහොමද එයා දන්නෙ කියන එක තමා එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ.මොනා උනත් එ් වෘකයා එයා ගාවට අාවම එයාට දැනුනෙ නිකන් ගොඩකාලෙකට පස්සෙ පරණ යාලුවෙක්ව හම්බුනා වගේ.

එතකොට අර මාලෙ එ්ක දිහා ගොඩක්වෙලා බලන් හිටපු ලූනට තේරුනෙ එ්ක කලින් දැකලා තියෙනවා කියලා.හැබැයි එ් කොතනද කවදද කියලා එයාට මතක තිබුනෙ නෑ. තව ටික වෙලාවක් එතනම ඉදලා කල්පනා කරපු ලූනා ගහ යටින් නැලිට්ටෙ ඉස්කොලෙ යන්න ඔ්න හින්දා. මොනවා උනත් එයා තීරනේ කරේ අනායට මේ ගැන ඉක්මනට කියනවා කියලා. මොකද ඉතින් මේ දේවල් ගැන දන්න එකම කෙනා එයා හින්දා. හැබැයි ඉස්කෝලෙට යන මග නින්ද ගිහිල්ලා වැටුනෙ නැති ටික විතරයි.යන මග අඩුම තරමෙ මිනිස්සු දහයකගෙ විතර අැගේ හැප්පුනාලු.(එයාට ඊයෙ රෑ දොයිය ගිහිල්ලා නෑලු😅)















RISE OF MAGICWhere stories live. Discover now