chapter 10 ❤️

46 13 6
                                    

🌸 anaya
🍀luna
🍂maria
🍁julia
🌺laura
🌹sarina

🍂හොදම වෙලාවට අපි එලියට ආයෙ

🍁 ඒ මොකද?

🍂 අනෙ මන්දා නිකන් අමුතුයි වගෙ

🍁ඒ මොකො?

🍂නිකන් මොකද්ද වගෙ ඉස්සරහට මොනාහරි ලොකු දෙයක් වෙන්න යනවා වගෙ දැනෙනවා.

🍁එහෙමද මටත් නිකන් එහෙම හැගීමක් තිබුනා නිකන් හරියට දැනෙන්නෙ මගෙ ඇග පුරාම තියෙන මායාව එකතු වෙනවා වගෙ ඉස්සරහට වෙන්න යන දේකට කලින්ම සූදානම් වෙනවා වගෙ.

🍂ගොඩක් ලොකු දෙයක්

එයාලා එහෙම කතා කරගෙන යද්දී එකපාරට ලොකු අකුණක් එයාගෙ ඉස්සරහ තිබුන ගහකට වැදුනෙ මුලු ගහම පිච්චිලා යද්දි.

🍁බුදාම්මියො!!!! මොනාද යකු කරන්නෙ

🍂අම් ඒක මං කරපු දෙයක් නම් නෙමෙ

මරිය දැනටමත් ඇදුරු වෙලා තියන අහස දිහා බලාගෙන කිව්වෙ සැකෙන්.

🍁එහෙන් කොහොමද මෙච්චර වෙලා හොදටනෙ තිබ්බෙ මෙම අහස මොකද උනෙ

🍂මොකක් හරි වැරැද්දක් තියෙනවා ජූලි කොකටත් අවදානෙන් ඉන්න.

🍁කියන එකක් තෙරෙන්න කියනවකො

🍂මට නරක දෙයක් ලගම තියෙනවා කියලා හිතෙනවා.

🍁මොකද්ද කියන්නෙ ම- අර මොක්කුද!!!!?

ජූලියා කෑගැහුවෙ ගස් වලින් වැහිච්ච කලුවර තැනකට අත් දික්කරන ගමන්. එතනින් මතු වුනෙ රතු ඇස් තියෙන කලු ලොකු වෘකයො තුන්දෙනෙක්.ටික ටික උන් ජූලියයි මරියයි ලගට එද්දි පිටිපස්සෙනුත් ගෙරවුම් හඩවල් ඇහුනෙ එයාලා වට වෙලා කියලා තේරෙද්දි.

ටිකෙන් ටික වෘක කවය එයාලට ලන් වුනෙ ජූලියයි මරියයි දහඩියෙන් නෑවෙද්දි.

🍁ඒ මොකො බං අපි දැන් කරන්නෙ

🍂වෙන මොනවා කරන්නද පුලුවන් විදිහට මුන්ට ගහමු.

🍁කොහොමද බං මෙම සද්ධන්ත සෙට් එකට අපි දෙන්න තනියෙන් ගහන්නෙ

🍂දැන් ඔබට magic බලයක් තියෙන්නෙ පොල් ගාන්නද

🍁අම්මටසිරි ඔව් නෙ

ලොකු හුස්මක් ගත්ත මරිය එක අතක් උඩට ඉස්සුවා. ටිකින් ටික මරියගෙ අත් උඩ හරියෙ තිබ්බ අහස ටික ටික විදුලි එළි වලින් පිරුනා. ඒත් එක්කම මරියගෙ ඇගිලි වල සෙලවීමකින් අහසෙන් ලොකු අකුණු ගනනාවක් පොලොවට පතිත උනෙ හිටපු වෘකයින් දහදෙනෙකුට පමන ගිනි දමමින්. මරියගෙ පිටට පිට තියාගෙන හිටපු ජූලියත් ටිකක් අත් දෙක එකට විහිදුවා. වටපිටාවෙ තිබුන ගස්වලින් කුඩා කොල එලි මතු වුනා. ටිකින් ටික ඒ හැම එලියක්ම ජූලියා වටා එකතු වෙන්න ගත්තා. ජූලියා වටා කොල එලි වළල්ලක් නිර්මානය වෙද්දි විහිදුවා තිබුන තමන්ගෙ අත් එක අසලින් තියාගත්තු ජූලියා ලොකු බල ධාරාවක් නිදහස් කරේ ඇයගෙ ඇස්වල පාට කොලට හැරුනා.එම ප්‍රහාරයෙන් වෘකයින් සෑහෙන ප්‍රමානයක් විනාශ වුනෙ අවසානයට වෘකයින් දෙදෙනෙකු පමණක් ඉතිරි කරමින්. ඒ මුලු වෘක රන්චුවෙන්ම ශක්තිමත්ම දෙදෙනා. එකිනෙකාට ලක් වුන තරුණියන් දෙදෙනා තමන්ගෙ ඇගේ සෑම කොනකම තිබෙන බලය එකතු කරන්න ගත්තෙ ඔවුන්ගෙ ඇස් , කොණ්ඩ වල පාට වෙනස් වෙද්දි. ටික ටික කොල සහ රිදී එලි ඔවුන් වටා එකතු වුනා. සෙමින් තම බලයන් එක් කරගත් ඔවුන් එකවර ඒවා මුදාහැරියේ ඒවා ඔවුන් ඉදිරියෙ සිටිනා වෘකයින් දවා අළු කරද්දී.

ටිකින් ටික ඔවුන් වටා ඇති ආලොකය නැති වී ගියෙ අඩපණව ඔවුන් බිම් ඇද වැටෙයි. අන්ධකාරය ඔවුන් වැළද ගනිද්දි අවසානයට ඔවුන් දුටුවෙ දීප්තිමත් නිල් නෙත් යුගලක්.

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ලී වලින් හැදුන ඒ ලස්සන කාමරෙ ඇතුළෙ ලූනා, ලොරා සහ සරීනා හිටියෙ ෆියොනා ආයෙත් එනකන්. ඒ වෙනකොටත් ලූනයි සරීනයි කතා කර කර හිටියෙ අවුරුදු ගානක් ඉදන්ම දන්නවා වගෙ . එකපාරට ආපු ලොකු එළියක් නිසා කට්ටියම ගැස්සිලා ගියා.ඒ එලිය ඇතුලෙන් ආවෙ ෆියොනා තනියෙන් නෙමෙ තව දෙන්නෙකුගේ එක්ක.

"පොඩ්ඩක් උදව් කරනවද"

අලුත් අයව ඇදවල් දෙකකින් කියලා ෆියෝනා හැරුනෙ සරීනා දිහාට.

"යමුද ගමනක්"

🌹 කොහෙද?

"ඔයාලගෙ අන්තිම ඒ වගෙම බාලයන් එක්කන් එන්න"

🌹ඒත් ඇයි මාව විතරක් ගෙනියන්නෙ

"එයා ඔයාට ගොඩක් වැදගත් කෙනෙක් ඒකයි"

🌹එහෙමද?

"ඔව් යමුද?"

🌹හා යමු

ඊටපස්සෙ සරිනගෙ අත අල්ලගත්තු ෆියොනා ලොකු එළියක් විහිදුවමින් නැතුව ගියෙ අලුත් සාමාජිකාවන් දෙන්නව හොදට බලාගන්න කියලා කියන ගමන්.
































හායි ලමයි හුග කාලෙකට පස්සෙ නේද?
සොකරි අනෙ බිසී වෙලා හිටියෙ. එහෙනම් මන් යන්නම් වෝට් එකක් දානවද හොද ලමයි වගෙ❤️ අලාවියො!!!!!❤️❤️❤️

RISE OF MAGICWhere stories live. Discover now