1.අකමැති කසාදේ!😑

1K 157 35
                                    

"අනේ මේ එන්නෙපා ඕවට හරිතේ!!"

චූටි පාත්තයෙක් තරම් උස ගම්මිරිස් ඇටයක් එයාගේ අම්මයි තාත්තයි ඉස්සරහා තරහටම රතුවෙලා...

"පුතා ඔයා දැන් කසාද බදින්නම එපෑ...දැන් ඔයාට විසිතුනක්..ගෙදරටම නාකි වෙන්නද අදහස?"

මිස්ටර් පාක් , සෝෆා එකේ ඉදගෙන කෝපි බොන ගමන් සන්සුන්ව කිව්වම ජිමින්ගේ රතු කට්ට පැන්නා...

"ආ ආ මන් දන්නවා!දැන් ඔයාලට ඕනේ මේ සත්තලන් රත්තරන් පිත්තල- ශික් ලස්සන කොල්ලව ගෙදරින් එලවගන්නනේ!!මන් දන්නවා මන් දන්නවා ඔයාලට දැන් මාව එපාවෙලා!අර මෝඩ ටේ කියන හාදයාට අර මට හම්බෙන්න ඕන පීසා කෑල්ල දෙද්දිම මන් හිතුවා මාව හදාගන්න අරන් කියලා!!මේ මෙහෙමයි තාත්තේ..අඩුම ඔයාට තිබ්බා ඕක මගේ මූනටම කියන්න!"

අත් දෙකත් විසි කර කර ඒ පුන්චි ගම්මිරිස් ඇටේ කියවගෙන කියවගෙන යද්දි එයාගේ අයියා ටේට තවත් හිනාව නවත්තගන්න බැරි උනා....

"ආ ආ හිනාවෙන්න හිනාවෙන්න!මම නේ බලෙන් ආව එකා ආආ මන් දන්නවා!"

මේ පුන්චි ගම්මිරිස් ඇටේ එහෙමත් නැත්තන් පාක් ජිමින් , අඩන්න නහයත් රතු කරන් කිව්වම මිසිස් පාක් නලලට අත ගහගත්තේ

'කිසි සැකයක් නෑ මේ මහ එකාගෙම පුතා තමා මේ යස්ස පැටියා!'

කියලා හිතන ගමන්....

"මයේ පුතේ මේ අහන්නකෝ..."

හොද බටර් පාරක් ගාගෙන මිසිස් පාක් ජිමින් ලගට ගිහින් ඔලුව අතගෑවා...

"ඔයා කොහොමද ආ ඔයාව හදාගත්තා කියන්නේ..?බලන්න ඔයාටයි ඔයාගේ තාත්තටයි තියෙන්නේ එකම වගේ බෝල පස්සක් බලන්නකො...!"

මිසිස් පාක් කිව්වම මිස්ටර් පාක්ට බොන කෝපි එකත් හිරවුනා...

"ඇරත් ඔයා වගේ යස්ස පැටියෙක්ව අපි අරන් හදාගන්න තරම් පිස්සුවක් නෑ අපිට..."

ජිමින්ගේ කොන්ඩේ හිමිට අතගාන ගමන් මිසිස් පාක් ආදරෙන් කිව්වම ජිමින් ඉද්ද ගැහුවා වගේ නැගිටුනා...

"ආ ආ නැ බබෝ මන් කිව්වේ...ඔයා මගේම පුතා...හරිද...දැන් බලන්නකෝ ඔයා කැමතිද අර ඔයාගේ මොට්ට අයියා වගේ මේ ගෙදරම බකන් නිලාගෙන ඉන්න ආ?"

මිසිස් පාක් ශේප් එකේ ඇහුවේ ටේට වැරදි කිව්වම ජිමින් කොහොමත් කැමති වෙනව කියලා දන්න නිසා...

ඒත් ඉතින් ඒ කතාවට ටේ මූණ ඇඹුල් කරන් ගස්සන් එහාපත්ත හැරුනා...

ටේයියට අවුරුදු 25ක් වෙලත් එයා තාම සින්ගල්ව ඉන්නේ එයාගේ ප්‍රේම බුංග රාජයා තාම රට හින්දා...ඒත් ඉතින් ඕක කියන්න බෑනේ ගෙදර අයට...ඇයි අහන්නෙපා මන් දන්නෙත් නෑ...

"පුතා ඔයා නිකමට එයාව හම්බෙලා කතා කරන්නකෝ...එයා අනික හෙන ලස්සනයි..."

මිසිස් පාක් ඇහැකුත් ගහලා කිව්වම ජිමින් ඇස් රෝල් කරා...

"අනේ මට බෑ අම්මේ!මන් තාම පොඩී මේ බලන්න!"

කිව්ව ජිමින් එයාගේ චූටි බෝල ඇගිලි දෙකක් පෙන්නුවා...

"අනේ මගෙ සංකුට්ටා..!"

ජිමින්ගේ හුරතලේ අම්මට දරාගන්න බැරුව එයා ජිමින්ගේ බෝල කම්මුලක් මිරිකුවා..

"නෝනේ ඕවා ඔහොම මිරිකන්නෙපා..මොනා උනත් බදින්න ඉන්න කෙනාටනේ ඕවා අයිති...."

මිස්ටර් පාක් කිව්වම හෙන ලස්සන හිනාවක් දැම්ම මිසිස් පාක් ටේබල් එක උඩ ෆෘට් බෝල් එකේ තිබ්බ බටට් නයිෆ් එක අරන් පාක්ට දික් කලේ දෙවෙනි සැරේටත් පාක්ට කෝපි එක හිරවෙද්දි...

"හරි අම්මේ..ජිමින්ගේ Fiance කෞද? කිව්වෙ නැනේ නමවත්..."

"ජියොන් ජන්කුක්...."

To Be Continued...

______

Hi...අලුත් එකක්....

පටන්ගැන්ම හොදයිද...

මට ෆනි ලියන්න තේරෙන්නෑ බට් ලෙට්ස් ට්‍රයි....🌚

මොනාහරි කමෙන්ට් කරන් යන්නෝ🌚

Baby_Bish

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now