13.මට සමාවෙන්න

405 93 65
                                    

Author Pov

"මිනී-හ්"

කෙදිරියක් ඇහෙද්දි ජන්කුක්ගේ පපුවේ ඔලුව තියන් අඩ අඩ හිටිය ජිමින් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා...

ජන්කුක් අමාරුවෙන් ඇස් භාගෙට ඇරගෙන ජිමින් දිහා බලන් හිටියේ ඇස්වල කදුලු එක්ක....

ඒ ඇස්වල කදුලු දකිද්දි ජිමින්ට දැනුනේ එයාව කෞරුහරි පනපිටින් පුච්චනවා වගේ....

"කුකී...."

අඩාගෙන ජිමින් ජන්කුක්ගේ බෙල්ල බදාගෙන හිමිට ජන්කුක්ගේ ඇගට ආවේ ජන්කුක් ඔහේ බලන් ඉද්දි....

ජිමින්ට දැනුනා එයාගේ හස්බන්ඩ්ගේ වෙනසක්....

වෙනදට ජිමින්ව තද කරලා බදාගන්න ජන්කුක් අද ඔහේ මොකුත් නොකර හිටියා....

ඒක තේරුනු ජිමින් ජන්කුක්ගේ මුනේ අඩ අඩම හාදු තියන්න ගත්තේ ඒ හාදු අතරින් සමාව ඉල්ල ඉල්ල...

"මට සමාවෙන්න හියො-"

"මොකටද...?මාව රැවැට්ටුව එකටද...."

සීතල කටහඩකින් ජන්කුක් කිව්වම ඒ කටහඩ හුරු නැති ජිමින් ගැස්සිලා යන එකත් ජන්කුක්ට හොදටම දැනුනා....

"න් නෑ හියොන්...මන් ඔයාව කවදාවත් රැවැට්ටුවේ නෑ...."

ජිමින් ඔලුව දෙපැත්තට හොලවන ගමන් ජිමින් කිව්වම ජන්කුක් හුස්මක් පාත දැම්මා...

එයාටත් කොහොමටවත් හිතන්න ඕන උනේ නෑ එයාගේ ජිමිනි එයාව රැවැට්ටුවා කියලා...

ඒත් එයාට දැනගන්න අයිතියක් තියෙනවා ඒ හයිකියේ තේරුම!

"ඒ ඒක නිකම්ම නිකන් ප්‍රෑන්ක් එකක් විතරයි හියොන්!ප්ලීස් ප්ලීස් මාව විශ්වාස කරන්න හියොන්...."

ජන්කුක්ගේ නලලට නලල තියාගෙන ජිමින් අඩන ගමන්ම මිමිණුවේ එයාගේ කදුලු ජන්කුක්ගේ මුහුනට වැටෙද්දි....

"මොකක්ද?"

ජිමින්ගේ කතාවට ජන්කුක් පුදුම උනා...

"ඔව් ඔව් හියොන්...ඒ නිකම් නිකම් ප්‍රෑන්ක් එකක් විතරයි...මන් කොහොමද හියොන් ඔයාව රවට්ටන්න හිතන්නෙවත්...."

ජිමින් ජන්කුක්ගේ බෙල්ලේ මූන හංගන් මිමිණුවම ජන්කුක් හිටියේ තවත් කන්ෆියුස් වෙලා....

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now