5.මගේ ෆස්ට් ලව් එක😚

506 126 27
                                    

Author Pov

Few Days Later..

ජිමින් , ජන්කුක් දෙන්නා දැන් හොදම යාලුවෝ...එදා හම්බුනායින් පස්සේ එයාලා හැමදාම වගේ මීට් උනා...ජිමින්ගේ හිතෙත් ජන්කුක් ගැන පොඩි මෙව්වා එකක් එහෙම ඇතිවෙලා දැන්...එයා ආසයි ජන්කුක් එයාට සලකන විදිහට...

එයා මේ දවස් ගානට ජන්කුක් ගැන ගොඩාක් දේවල් දැනගත්තා...

•ජන්කුක් එයාට ලගම අයත් එක්ක ගොඩාක් හුරතල්..

•පිට අයට පට්ටම කෝල්ඩ්..

•ජිමින් ගැන ගොඩාක් පොසෙසිව්..

•ඒත් මාවල් මූවිස් ගත්තොත් ගොඩාක් සෙන්සිටිව්..

•ගොඩක් ටීස් කරන්න ආස ඒත් ලැජ්ජාශීලි කෙනෙක්...

මේ නිසාම ජිමින්ට ජන්කුක් ගැන හැඟීමක් ආවා...

අද්ත් මෙයාල ඉන්නේ බීච් එකේ...බීච් එකේ බෙන්ච් එකක ඉදන් අයිස්ක්‍රීම් කනවා....

"ජිමින්..."

"ඕ..."

අයිස්ක්‍රීම් එකෙන් ඇස් ගන්නැතුව ජිමින් ඇහුවම ජන්කුක් අයිස්ක්‍රීම් කටක් කෑවා...

"ඔයාට ෆස්ට් ලව් එකක් එහෙම හිටියේ නැද්ද..."

"ඇයි නැත්තේ හිටියා..."

"ආ?????"

ඒක ඇහුනම ජන්කුක්ගේ කට බිම ගෑවෙන්නම ඇරුනේ පුදුම වෙලා...

"ඔව්...ම්ම් එතකොට මන් හයිස්කූල්..."

"හෑ හයිස්කූල්...?"

"ඕ...."

"ආ...."

'හයිස්කූල්?මන් ගියෙත් ඒකටමනේ....එතකොට එයා එහේ කෙනෙක්ට කැමති වෙලා ඉදලද...?'

ජන්කුක්ට එහෙම හිතුනම එයාගේ ඇස් වලට කදුලු පිරුනා....ඒත් එයා ටක්ගාලා ඒවා හංග ගත්තා...

"දන්නවද?එයා එතකොට නර්ඩ් කෙනෙක්....එයා ගොඩක් කියුට්...එයාට තිබ්බෙ ලස්සන බෝල ඇස් දෙකක්..."

ඒ කෙනාව මතක් කරන ගමන් ජිමින් කියද්දි ඒ ඇස් වල තරු පිරුනු හැටි ජන්කුක් හොදටෝම දැක්කා...

'නර්ඩ් කෙනෙක්?මාත් ඒ දවස් වල නර්ඩ් කෙනෙක්නේ....මන් දන්න කෙනෙක්වත්ද?'

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now