2.හරි මන් බඳින්නම්!😒

619 146 32
                                    

Author Pov

"මොකක්!අම්මා ඔයා මට විහිලු කරනවද?"

ජන්කුක් , ඉදන් හිටිය තැනින් නැගිටලා කෑගැහුවේ එයාගේ අම්මා කිව්ව දේ විශ්වාස කරන්න බැරුව...

"මේ ඔයාගේ වෙඩින් එක පුතා..මේක එක්ක මොන විහිලුද...මිස්ටර් පාක්ගේ පුතා අනික හොදයි වගේම ලස්සනයි..."

"ඒත් අම්මා කවදාවත් දැකලා නැති කෙනෙක්ව බදින්නෙ කොහොමද.."

ආයෙමත් ඉදගත්ත ජන්කුක්, මූනත් ඇඹුල් කරගත්තා...

"හරි දකින්නනේ ඕනේ...මෙන්න ෆොටො එක...ඔයා දැන්මම කැමති කියන්නොන්නෑ...එයාව ඉස්සෙල්ලා මුනගැහෙන්න කැමතිද කියන්නකෝ...ඒ ඇති..."

අම්මා කිව්වම ජන්කුක් ටිකක් කල්පනා කලා...

ජන්කුක් කියන්නෙ අවුරුදු 24ක කොල්ලෙක්...ඉතින් කලවයසත් හරි නිසා එයාගේ ගෙදරින් වෙඩින් එකක් ලෑස්ති කලා එයාට...

"ම්හ්ම් හරි අම්මා ෆොටො එක දෙන්නකෝ...."

කල්පනා කරපු ජන්කුක් අම්මට කිව්වම අම්මා හිනාවෙලා එයාගේ ෆියුචර් හස්බන්ඩ්ගේ ෆොටො එකක් එයාට දුන්නා....

අම්මා දුන්නු ගමන් ඇදලා ගත්ත ජන්කුක් නැගිටලා රූම් එකට ගියේ නිවිහැනහිල්ලේ එයාගේ හස්බන්ඩ්ගේ මූන බලාගන්න...

"ම්හ්ම් මගේම පුතා තමයි..."

මිසිස් ජියොන් ලගට ආව මිස්ටර් ජියොන් මිසිස් ජියොන්ගේ කරට අතක් දාන් කිව්වේ ආඩම්බරෙන්...

"නැතුව ඉතින්...මට මතකයි මගේ නැන්දම්මත් කිව්වා මගේ ෆොටො එක දැක්ක ගමන් ඔයා මට වශී උනා කියලා..!"

මිසිස් ජියොන් කොන්ඩෙත් ගැමම්ට පිටිපස්සට කරන ගමන් කියද්දි මිස්ටර් ජියොන් මිසිස් ජියොන්ගේ කම්මුලක් මිරිකුවේ මිසිස් ජියොන් හුරතල් විදිහට යවද්දි....

"අනේ මගේ සුදාම්මි..."

ඇස් දෙකත් වහගෙන මිසිස් ජියොන්ගේ තොල් වලට පාත් වුනු ජියොන්ගේ තොල්වලට දැනුනේ කෙස්ගස් ටිකක්...

ඇස් ඇරියමයි එය දැක්කේ එයාගේ සුදාම්මි බිම හිටිය පූස් පැටියගේ තොල් දෙක ජියොන්ගෙ තොල් වලට හිටින්න අල්ලන් ඉන්නවා..

"යාහ්!!නෝනේ!"

ගැස්සිලා ගිය ජියොන් හෝ ගාලා තොල් පිහන්න ගත්තම මිසිස් ජියොන් හිනාවෙවී පූස් පැටියවත් අරන් ගියා...

"මටම හම්බුනානේ..."

කලකිරිලා වගෙ කිව්ව ජියොන්ගේ මූනට ලස්සන හිනාවක් ආවේ එයාගේ බිරිදගේ පිස්සු වැඩ මතක් වෙලා...

නාකි මනමාලකම්!😒

කාමරේට ආව ජන්කුක් දොරත් ලොක් කරලා ඇඳට ගිහිල්ලා ඉදගෙන හොද හුස්මක් හෙලුවා...

හිමිට ෆොටො එක දිහා බැලුව ජන්කුක්ගේ ඇස් ලොකු උනේ ඒකේ ඉන්න කෙනාව දැකලා...

"දෙයියනේ ඔයා?!!!"

කාමරේම දෙදුරුම් කන්න තරම් හයියෙන් ජන්කුක්ට කෑගැහුනෙ එයා බදින්න යන්නේ එයාගේ




















































අවුරුදු ගානක ක්‍රශ් එක කියලා විශ්වාස කරගන්න බැරුව!

"අම්මා මන් කසාදෙට ලෑස්ති!"

හෝල් එකේ පූසා එක්ක හුරතල් වෙවි හිටිය ජියොන් කපල් එක ගැස්සිලා ගියේ එයාලගේ පුතාගේ උස් හඩට...

"මොකක්.."

"ඔව් ලබන සතියෙම බදින්නම්..හෙට උනත් අවුලක් නෑ"

හා දත් ටික පේන්නම ජන්කුක් කිව්වේ එයා දැනටත් එයාගේ ෆියුච හස්බන්ඩ්ට වශී වෙලා ඉවරයි කියලා පෙන්නන්න..

ඒත් එයා වශී උනේනම් අවුරුදු ගානකට කලින්...

"මොකක්..ඔය ඇත්තමද පුතා!"

මිසිස් ජියොන් පුදුමෙන් ඇහුවම එයා ලගට දුවලා ආව ජන්කුක් මිසි ජියොන්ට ලොකුම ලොකූ...... තොත්තුවක් දුන්නා...

"අහම් අහම්..."

තමන්ගෙම පුතා තමන්ගේ බිරිඳගේ මූන කිස් කලාම ඊරිසියා කරන තාත්තෙක්ව දැකල නැත්තන් ඕං බලාගන්න...

"අනේ මේ ඔයාගේ වයිෆ්ව මට එපා!මට දැන් ඉන්නවා හොද වයිෆ් කෙනෙක් හුහ්!"

ජිමින්ගෙ ෆොටො එක තුරුල් කරන් කිව්ව ජන්කුක් කටත් ඇද කරලා කියන් ජියොන් කපල් එකට ගස්සන් උඩට ගියාම ජියොන් කපල් එක - වික්සිප්ත උන්ගා බුන්ගා!

To Be Continued

________

ඔන්න දෙවෙනි එක...🌚

මොනාහරි කියාගෙන යන්න...

ආහ් තව එකක්...මේක කොටස් කොටස් මතක වලින් පිරුනු එකක් නිසා ඔයාලා ජිකුක් දෙන්නගේ ජීවිත වල වෙනවට ආස මූමන්ට්ස් තියෙනවනම් කියාගෙන යන්න...🌚මන් ඒවාත් මේකට දානවා....

බායි ඒනම්❤️

Baby_Bish

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now