14.මිනී ඔයා කොහෙද...?

523 110 22
                                    

Author Pov

ජිමින් ට අඩල අඩලම මහන්සියට සෝෆා එකේම නින්ද යද්දි ජන්කුක් හිටියෙ තාමත් ජිමින් ගැන ඩිසපොයින්ට් වෙලා...

වෙන කෙනෙක්ට මේ දේ පොඩි දෙයක් උනත්....
ජන්කුක් වගේ සෙන්සිටිව් හිතක් තියෙන..
ජිමින්ට පන වගේ ආදරේ කරන කෙනෙක්ට...
මේක ලොකු දුකක්....

ජන්කුක් මුලු රෑ පුරාම කල්පනා කලේ එක එක දේවල් ගැන උනත් එහෙම කලේ ජිමින් කරපු දේ ඔලුවෙන් යවාගන්න...
ඒත් ඒ කිසිම දේකට බැරි උනා ජිමින් කරපු දේ ජන්කුක්ගෙ ඔලුවෙන් යවන්න..
ජන්කුක් කොච්චර තරහින් හිටියත්...
එයාගේ කල්පනාව තිබ්බෙම එයාගේ පුංචි හස්බන්ඩ් ගැන...
බැරිම තැන එයා මිනිගෙයි එයාගෙයි ෆොටෝ එකක් තුරුල් කරන් නිදාගත්තා...

****

"මිනී මිනී ඔයා කොහෙද..."

උදේ නැගිටිද්දි ජන්කුක්ගේ තරහා ඔක්කොම නිවිලා තිබ්බත් එයාගේ නෝටි මිමිට පාඩමක් උගන්නන්න එයා හිතාගත්තා අද දවසටම එයාගේ මිමි එක්ක කතා නොකර ඉන්න...ඒ නිසාම එයා පජාමා එකකුයි ටී එකකුයි ඇදන් පහලට ගියේ මූනත් අපායට ගහපු කැලැන්ඩරේ වගේ කරගෙන...

එයා ඉස්සෙල්ලම බැලුවේ සාලේ...ඒත් ජිමින්ගේ ඡායාවක්වත් නැතිකොට එයාගෙ නහයට දැනුනේ හොද සුවදක්....

ම්ම් පෑන්කේක්ස්...~

ජන්කුක්ව ඒ සුවඳට ඇදිලා ගියේ කුස්සියට..
එයා බලාපොරොත්තු උනේ ඔලුව නමන් හුරතලේට තොලුත් උල් කරන්

'මට සමාවෙන්න හබී'

කියලා කියන මිනිව උනත් එයාට දැකගන්න හම්බුනේ පෑන්කෙක්ස් පිරිලා තිබ්බ ප්ලේට් එකක් ඩිනර් ටේබල් එකේ තියෙනව විතරයි....

ජන්කුක් ජිමින් කෝ කියලා කන්ෆියුස් උනත් පෑන්කේක්ස් වල සුවද දරාගන්න බැරි තැන එයා ටේබල් එක ලගට ගියේ පෑන්කේක් කෑල්ලක් කටේ දාගෙනම එයාගේ පුංචි හස්බන්ඩ්ව හොයනවා කියලා හිතාගෙන...

ට්‍රාන්ස්පේරන්ට් ලිඩ් එකකින් වහලා තියෙන පෑන්කෙක් ප්ලේට් එක ලගට ආව ජන්කුක් ලිඩ් එක අරින්න ගියත් එයා දැක්කේ මොකක්දෝ ලියලා තියෙන ටිශූ එකක් ප්ලේට් එකට යටින්....

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now