8.ඔයා මගේ..මන් ඔයාගේ😍

445 108 21
                                    

Author Pov..

"අම්මා මට බයයිනේ..."

ඩ්‍රෙස් රුම් එකේ ඉදන් ජිමින් නහයෙන් අඩන්න ගත්තේ මිසිස් පාක්ගේ ඇදුමෙන් හොටු සූර සූර...

"දැන් බයවෙලා කරන්න දෙයක් නෑ මිමී...ඔයාට එයාව බඳින්නම වෙනවා..."

මිසිස් පාක් එයාගේ පුතාව සැනසුවා...

ඔව් අද තමා ජිමින් ජියොන් ජිමින් වෙන දවස...

අන්තිමේදි මාස 5කින් පස්සේ ඒ දෙන්නා එකිනෙකාගෙම වෙනවා...

ජිමින්ට සතුටුයි ගොඩාක්...ඒත්...

එයාට බයයි...

එයාට පුලුව්න් වෙයිද එයාගේ හස්බන්ඩ්ව සතුටින් තියන්න..?

කවදමහරි එයාගේ හස්බන්ඩ්ට එයාව එපා වෙයිද..?

කවදහරි එයාට එයාගේ හස්බන්ඩ්ව ඇති වෙයිද..?

එයාලට සතුටින් ඉන්න පුලුවන් වෙයිද..?

එයා ජන්කුක්ට හරියන හොද හස්බන්ඩ් කෙනෙක් වෙයිද...?

මේ වගේ එක එක ප්‍රශ්න ජිමින්ගේ ඔලුවට කඩාගෙන ආවා....

මොකක් කඩාගෙනද කියලා ජිමින්ගෙන් අහගමු පස්සේ....

"ශ් සන්සුන් වෙන්න බබා...ඔයා මොකටවත් බය වෙන්නේපා...ඔයාට ගැලපෙනම කෙනා ජන්කුක්...කියන්න ඔයාට ජන්කුක්ව විශ්වාසයිද..?"

මිසිස් පාක් ආදරෙන් ජිමින්ගෙන් අහද්දි ජිමින් ඔව් කියන්න ඔලුව වැනුවා...

"එහෙනම් බයවෙන්න එපාම්ම්..? බැරිවෙලාවත් ජන්කුක් වෙන කෙනෙක් දිහා ඇහැක් හරි ඇරලා බැලුවොතින් මන් ඔයාගේ තාත්තට අර පෑන් එකෙන් පස්සට දෙකක් දෙනවා වගේ ජන්කුක්ගෙ පස්සටත් දෙකක් දෙන්න හාද...?"

මිසිස් පාක් හුරතල් විදිහට රවන් කියද්දි ජිමින්ට නම් හිනා...

"ඇති යන්තම්..මාත් එක්ක ගුටිකන්න බෑණෙක් හම්බුනා..."

ඩ්‍රෙසින් රූම් එකේ තිබ්බ සෝෆා එක උඩින් වාඩිවෙලා හිටිය මිස්ටර් පාක් කිව්වම අම්මයි පුතයි දෙන්නම මිස්ටර් පාක් දැවිලා අලු වෙලා යන්නම රැවුවා...

"ඒකනේ..ඔන්න ඔහොම හිනාවෙන්න හාද..."

ජිමින්ගේ ඔලුව අතගාලා මිසිස් පාක් කිව්වම ජිමින් ලස්සනට හිනාඋනා...

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now