Jimin:ටේටේ!! ඉක්මනට... මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් බලාගෙන ඉන්නවා අපි එනකන්....
Tae:ආර්හ්... මේ ගැටේ.. පොඩ්ඩක් ඉන්න චිම්... ආර්...යා...යා මෝචි! කෝ මේකා? මෝචී!!
තමන්ගේ කාමරේ ඉඳන් ටයි පටියේ ගැටේ ගහගන්න බැරිව ටේයුන් එයාගේ මෝචිව හොයාගෙන ටයි පටිය දිහා බලාගෙනම සාලෙට අඩිය තිව්වා.
දොර ගාවට ගිහිල්ලා එලිය බලලා ඇතුලට ආපු ජිමින් මේ කෝලම ටයි ගැටේට තවත් ගැටයක් ගහන් එන දිහා අත් දෙක බැඳගෙන හොඳට බලාගෙන හිටියා. එයාට නම් හිනා හ්ම්... අපේ ටේටේනේ දන්නේ ඒකේ තියෙන අමාරුව හුම්...
තමන් මේ ඉස්සරහ ඉන්නවා කියලා තාම දැක්කේ නැතුව එයාගේ නම කිය කියා බෙරිහන් දෙන අපේ පුංචි ටේටේ දිහා බලාගෙන ජිමින් ඔය ටයි පටියේ ගහලා තියෙන ගැට ගොඩට තව ගැට වැඩි කරන්න ඕන නැති නිසා ටේයුන්ට කතාකලා. දැනටමත් ගැට තුනක් වැටිලා. එතෝට ටේයුන් දැන් ඔය ප්‍රොසෙස් කරගෙන එන්නේ හතරවෙනි ගැටේ. අපේ ටේටේට ඒ ගැන අව්ලක් නැති උනාට ඒක අපේ ජිමින්ට හුගක් බලපානවා. මොකද එයා එපැයි ඊලගට ඔය ටයි එක හරියට දාන්න කලින් දාලා තියෙන ගැට ගලවන්න.
Jimin:ඇයි මොකෝ?
ජිමින් කතා කලා විතරයි ටේයුන් අතින් අතිසාර්ථක ලෙස හතරවෙනි ගැටේ තදට වැටුණා.
Tae:වාව්!!
Jimin: ඇයි මොකෝ?
Tae:... අහම්!! මේ.. මුකුත් නෑ. මේ ලස්සනයි...
Jimin:කෝ? මොකක්ද?
ජිමින් පිටිපස්ස හැරිලා බැලුවා.
Tae:අයියූ නෑ. මං කිව්වේ ඔයා ගැන. වාව් මෝචිගේ ලස්සන. අද ගාඩ් එකකුත් දාන්න වෙයි වගේ. ~ crazy sexy cool~....
Jimin:පුහ්! අපි එහෙම තමයි ඉතිම්. ඔහෙලා මට තාරාවා, පාත්තයා කිව්වට... හූම්! හාහා දැන් මොකෝ කතාකරේ කියනවද?
Tae:ඒ මේක දාලා දෙනෝකෝ හලෝ. මම මේ හයේ ඉදන් දාන්නේ. මං දන්නෑ ඕයි මේවා දාන්න.
Jimin:හාපූ... ඒක තමයි. රිච් පීපල්ස්ලා වගේ හැදිලා මෙතන ටයි එකවත් දාගන්න බෑ. බලනෝ ගහගෙන තියෙන ගැට ගොඩ. හ්ම්, හ්ම් කෝ පහත් වෙයම් ඔය මගුල ඉක්මනට දාන්න.
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?