11

2.7K 429 84
                                    








"මට‍-මන් එයාව ගන්නද? "

"ම්ම්ම්.."

ජන්කූක්ගේ එහා පැත්තෙන් ඉදගත්ත ටෙහ්යුන්ග් වෙව්ලන අත් දෙකෙන් කෙලි පොඩ්ඩිත් වඩාගෙන පපුවට තුරුල් කරගන්න දිහා ජන්කූක් අමුතු හැගීමකින් බලන් හිටියා..

ජන්කූක්ට තේරුනේ නැ තමන්ට මේ දැන් දැනෙන හැගීම මොකක්ද කියන්න. සූ එක්ක ඉන්න වෙලවට විතරක් නැති වෙන හිස් බව උදේ ටෙහ්යුන්ග් හම්බ වුන වෙලාවේ ඉදන් ජන්කූක්ට දැනුනේ නැ. දවස පුරාම ජන්කූක්ගේ මනසේ හිටියේ ටෙහ්යුන්ග්..

"මගේ මැණික.. ඔයා හුරතල් බෝලයක් නේ" ජන්කූක්ට ඇහුනා ටේහ්යුන්ග් සූගේ නලල ඉබින ගමන් කියනවා.ජන්කූක් බලන් හිටියා උදේ එයාට කෑ ගහපු කොල්ලාද ඒ කියලා ජන්කූක්ට හිතුනා..

ටේගේ කියන දේවල් වලට හිනා වෙන ශින්සූව දැක්කම ජන්කූක් පුදුම වුණා..

මොකද පුංචි කෙලි පැටික්කිත් එයාගේ අප්පා වගේම හරිම ආඩම්බර කාරියක්. ශින්සු සාමානයෙන් හිනා වෙන්නේ ජන්කූක් එක්ක විතරයි. ඉතින් ජන්කූක් පුදුම නොවී ඉන්න විදියක්‌ නැ..

"ටෙහ්යුන්ග්" ජන්කූක් ටේට කතා කරේ ශින්සූ බබා ඉදියේ බ්ලෑන්කට් එකක්නැතුව නිසා සීතල අල්ලයි කියලා බයට! එත් පොඩ්ඩක් ඉන්න ජන්කූක්ට ටෙහ්යුන්ග් නමත් මතකයි..! තමන්ට අදාල නැති දේවල් වලට අවදානෙ නොදෙන ජියොන් ජන්කූක් නේද මේ?

"ඔහ් කියන්න කුකී" බබා දිහා බලාගෙන ටෙහ්යුන්ග් කියනකොට ජන්කූක් ස්ටක් උනේ ටෙහ්යුන්ග් එයාට කියපු නම නිසා. 'කුකී!' ජන්කූක් ටේ දිහා බලන් හිටියේ මුට විකාරද වගේ බැල්මකින් වුනාට ටෙහ්යුන්ග් එක දැක්කේ නැ..

"එන්ජ්ල්ට බ්ලැන්කට් එක පොරවන්න නැත්තන් සිතල අල්ලයි"

"කො දෙන්න.." ජන්කූක් දිහාවට අත දික් කරන ගමන් ටෙහ්යුන්ග් ඉල්ලනකොට ජන්කූක් ටේගේ අත උඩින් baby බ්ලැන්කට් එක තියලා සූට පෙරෙව්වා..

"ටෙහ්යුන්ග් අපි මෙතනින් යන්"ජන්කූක් නැගිටින ගමන් කිව්වේ ටේත් ජන්කූක් දිහා බලලා ඇයි කියලා අහනකොට..

"වහින්න වගේ.. Car එකට යන්" ජන්කූක් කිව්වට පස්සේ අහස දිහා බලපු ටෙත් නැගිටින්න හැදුවේ ඇත්තටම වහින්න වගේ නිසා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now