42

2.7K 400 140
                                    

දවස් දෙක තුනක් ඉදලා යන්න ආව මිස්ටර් කිම් එදා හවසම ආයේ සෝල් ගියේ මිසිස් ජියොන් එක්ක ඉක්මනින් කතා කරන්න ඕනේ කියන තිරනෙත් එක්ක. මිස්ටර් කිම් ගියාට පස්සේ අයෙමත් ඩෙගු මැන්ෂන් එකේ ඉතුරු උනේ වල් කුරුළු ජෝඩුවයි අහිංසක පුංචි කෙලි පැටික්කි විතරයි..

ජන්කූක්ගෙ wedding ring එකත් එක්ක කෙලි පොඩ්ඩවත් තුරුල් කරන් ජන්කූක් ඉදියේ tv බලන ගමන්. ටේ හිටියේ කිචන් එකේ රැට කන්න කෑම හදන ගමන් ජන්කූක් ගෙ අකමැත්ත මැද්දේ ඉතින් කොල්ලා කිචන් එකට ගියේ. ජන්කූක් කැමති නැ එයාගෙ ප්‍රෙග්නන්ට් වයිෆී වැඩ කරනවාට..

"කුකී.. එන්න කෑම කන්න.." ඩයිනින් ටේබල් එක ලග ඉදන් ටේ කතා කරාම ජන්කූක් ඒ පැත්ත බැලුවා. ටේ කෑම ලෑස්ති කරලා නිසා tv එක off කරපු ජන්කූක් කෙලි පොඩ්ඩවත් උස්සන් නැගිට්ටේ කෑම කන්න යන්න. ටෙගේ කෑම වල සුවදට ජන්කූක්ට ලොකු බඩගිනකුත් ආව නිසා..

ටේ අතට ශින්සූව ඉදපු ජන්කූක් පුටුවක් පිටිපස්සට කරේ ටෙට වාඩි වෙන්න. කෙලි පොඩ්ඩව අතේ තියන්ම ටේ හෙමිහිට වාඩි උනාට පස්සේ ජන්කූක්කුත් පුටුවකින් ඉදගෙන කෙලි පොඩ්ඩව ආයේ ටෙගේ අතින් ගත්තා. පුංචි සූ එයාගෙ මමා එක්ක ඉන්නකොට හැටි දන්න නිසාම ජන්කූක් ගොඩක් වෙලාවට සූව ටෙ අතේ තියන්නේ. මොකද කෙලි පොඩ්ඩ මමා අතට ගිය ගමන් දගලනවා. එහෙම උනාම. ටෙට අමාරු නිසා ජන්කූක් ගොඩක් වෙලාවට සූව ටේ අතින් තියන්නේ නැ..

ජන්කූක්ගෙ ප්ලේට් එකට කෑම බෙදුව ටේ බලන් ඉදියා පුංචි පුංචි කටවල් ජන්කූක් සූට කවන දිහා. ජන්කූක් පුංචි ශින්සූට මොනාදෝ මොනාදෝ කියලා දෙන ගමන් කෑම කැව්වා. පුංචි කෙල්ලත් ජන්කූක් කියන කතා ඇස් ලොකු කරන් අහගෙන ඉන්න ගමන් කෑම කෑවේ ජන්කූක්ගෙ බෙල්ලත් බදාගෙන..

"ටේ.. කන්නේ නැද්ද ම්ම්?" අප්පාගෙයි දුවගෙයි හුරතලේ දිහා බලන් ඉදපු ටේ ජන්කූක්ගෙ කලා ඉවර උණු ප්ලේට් එකත් අරන් යන්න හැදුවේ ජන්කූක් ටේ දිහා මෙච්චර වෙලා බලන් ඉදියා කියලා නොදැන..

"කන්නම් කු.. මේක-"

"ඉදගන්න!" ටේ බොරුවක් කියලා යන්න හැදුවත් ජන්කූක් සැරෙන් කතා කරාම ටේ ආයෙම පුටුවෙන් ඉදගත්තා. ඉස්සර වගේනම් ජන්කූක් ඔහොම කතා කරොත් අනික් අතට ටේ ජන්කුක්‌ට දෙකක් කියලා. එත් බඩේ ඉන්න පුංචි පැටියා නිසා ටේ ගොඩක් ජන්කූක්ට අවනතයි,ජන්කූක්ගෙ උණුහුම හොයනවා වැඩි,හැම වෙලේම ජන්කූක්ගෙ තුරුලේ ඉන්න බලනවා, ජන්කූක්ගෙ අවදානෙ බලාපොරොත්තු වෙනවා,අරවා මේවා ගොඩයි..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now