20

2.9K 434 59
                                    




දවස් දෙකකට පස්සේ ටේව ගෙදර එක්කගෙන ආවේ ලොකු අමාරුවක් ටේට නොතිබ්බ නිසා වගේම ටේ හොස්පිටල් ඉන්න බෑ ගෙදර යන්න ඕනේමයි කියලා මුරණ්ඩු වුන නිසා..

ටේ ගෙදර ආවත් මිසිස් ජියොන් ටෙට ඇදෙන් බහින්නවත් දුන්නේ නැ.. උදේ ඉදන් දවසම කාමරේ ඉන්න එක ටේට එපා උනත් පුංචි ශින්සු නිසා ටේගේ පාළුව මැකිලා ගියා..

පුංචි කෙල්ලත් මුළු දවසම කරේ ටේ ගේ තුරුලට වෙලා සෙල්ලම් කරන එකයි නිදාගන්න එකයි..

.
.

අද සදුදා දවසක්. ටේ උදේම සූව නිදි කරලා ඇදට වෙලා ඉදියේ නිකන් හරි බැස්සොත් මිසිස් ජියොන් කෑ ගහගෙන එන නිසා..

නිදාගෙන ඉන්න කෙල්ල දිහා බලන් ඉන්න ටේට ඇහුනා කාමරේ දොර ඇරෙනවා මිසිස් ජියොන් කෑම එක අරන් එන්නේ කියලා දන්න නිසාම ටේට ඒ දිහා බලන්න උවමනාවක් උනේ නැ..

"අම්හ්.."
මිසිස් ජියොන්ගේ කට හඩ වෙනුවට ජන්කූක් උගුර පාද්දවන සද්දෙ ආවහම ටේ ඔලුව උස්සලා බැලුවා..

"කුකී?"

ඔෆිස් කිට් එකෙන් කෑම ප්ලෙට් එකකුත් අරන් ඇවිල්ලා ඉන්න ජන්කූක්ව දැකලා ටේ ඇහුවේ හිතාගන්න බැරි නිසා..

"ඔම්මා නැ ඔයාට කවන්නේ මන්" මොකා ද වගේ දමලා ගහපු ජන්කූක් ප්ලෙට් එකත් අරන් ඇද ලගට එනකොට ටේ ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා..

"ඕ-ඔයා මට‍!"

"ම්ම්..."

මුමුණපු ජන්කූක් බෙඩ් ටේබල් එකෙන් ප්ලෙට් එක තියලා ටේගේ අතේ ඉන්න සූව අරගෙන ගිහින් කොට් එකෙන් තිබ්බා..

ඒ තියලා ඇවිල්ලා ආයෙම කෑම එක අතට ගත්ත ජන්කූක් ඇදේ පැත්තකින් වාඩි වුණා..

"ඇ-යී මේ?"

"කටවහාගෙන කනවා!"

ජන්කූක් ටිකක් සැරෙන් කිව්වා ජන්කුක්ට රවපු ටේ කන්න ගත්තා..

විනාඩි විස්සක් විතර රැවිලි ගෙරවීලි මැද්දෙ ප්ලෙට් එක හිස් කරපු ටේගේ කට වටෙත් පිහදලා ජන්කූක් ටේට වතුර එක දුන්නා..

ජන්කූක්ත් පල්ලෙහට ගියා කෑම ප්ලේට් එකතියලා එන්න..

ආයෙම කාමරේට ආපු ජන්කූක් ක්‌ලොසෙට් එක ඇතුලට ගිහින් ඇදුම් මාරු කරන් එලියට ආවහම ටේ ඇස් ගෙඩි දෙකත් පොල් කරන් බලන් ඉදියා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now