මේක තමා මගෙ ඩයරිය ....
ඇත්තටම මේක ලියලා තියෙන්නෙ මම දවසෙ සිදුවිම් ජාන් ග, එක්ක බෙදාගන්න විදියට .....
ඒකෙන් අපහසුතාවයට පත් වුනොත් සමාවෙන්න ...
මන් එහෙම කරන්නෙ ඒකෙන් මට ගගා එක්ක හුගක් ලගයි වගේ .. ඒ කියන්නෙ සහෝදරයො වගේ දැනෙන හින්දා ... එයාව මතක් වෙනකොට ඩයරිය ලියන එක මගෙ හිතට ලොකු සතුටක් .. මාව වැරදියට තේරුන් ගන්නැතිවෙයි කියලා හිතනවා ..සැ .යු . = වයිෆියක් වීමේ අදහසක් මා සතු නොවන බව කරුනාවෙන් සලකන්න..😅
*************************
ගගා ....
අද මගෙ යාලුවගෙ උපන්දිනේ . මන් එයාට විශ් කරා ...
මන් එයාට ගිෆ්ට් එකක් දෙන්නත් ඕන අප්පා ... මට වෙලාවක් තිබුනෙ නැ අරගන්න ...ගගා දන්නවද අපේ යාලුවො හය දෙනෙක් ට්‍රිප් එකක් යන්න දාගන ... බීච් එකට ...මම ආසම තැනක් ..මගෙ හොදම යාලුවත් යනවා ..
මමත් ආසාවෙන් ඉන්නෙ ඒත් වැඩිය සතුටු වෙන්නෙ නෑ ...මොකද බයයි දුක් වෙන්න වෙයි කියලා ...ගගා අද මොකද කරේ ..
මහන්සිද ... වේල් තුනම කෑවද ... නැත්තන් මුරණ්ඩු කමට දවල් වේල මග ඇරියද ...ඉතින් අහන්නකො අද පිසික්ස් ක්ලාස් ... යනකොටයි එනකොටයි බස් එකේ හිටගන ගිහින් මගෙ වම් අතත් රිදෙනවා ...
මොනා කරන්නද නේද ඉතින් අපේ වයසෙ හුගක් අය ඔය කට්ට කනකොට මට වාහනේ එක්ක යන්න කියලා ඉල්ලන්න හිතෙන්නෙත් නෑ ...ගගා හිතන්නෙ ක්‍රස් එකට මාව පේන්න බැරුව ඇතිද ... අපිට යාලුවොවත් වෙන්න බැරි වෙයිද ...
එයා කොන්ඩෙ වවලා .. ඒ මදිවට මන් ආසම පාට ඇදන් ආවෙ ...
අමාරුම දේ කියන්නෙ අයි කන්ටැක්ට් හැදෙනකොට මට ආස හිතෙනවා ආයම බලන්න ... ඒත් වැඩිය බලන්නෙත් නෑ එයාට ගෑනු ලමයෙක් ඉන්නවනෙ ඉතින් ...
එයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ..මට ඒ මැදින් පනින්න උවමනාවක් නෑ ... ඒත් කතාවක් තියනවනෙ නේද හැගීම් මරන්න බෑ කියලා .. මට වෙලා තියෙන්නෙත් ඒකමයි ගගා ..අද පාඩම ත්‍රිකෝනමිතිය එක්ක යන එකක් .... ඉතින් මුලින් තේරුනේ නැ සමහර තැන් ...මන් යාලුවෙක්ගෙන් අහගත්තා ... දැන් හරි ...
තව විනාඩියෙක් ඔයාට රෑ දොලහයි ...
කන්දෙක රිදෙනව ඇති මගෙ හෑල්ල අහලා ...
එහෙනම් මන් යන්නම් ගගා ... තාම මේ උදේට කාපු ගමන් ... බඩිගිනියි ...
ඔයත් හොදට නිදාගන්න ... ඕනවට වඩා මහන්සි වෙන්න එපා ...
මන් ඔයා එක්ක ඉන්නවා ...
❤
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣