ගුඩ් මෝනින් ගගා ....
බීජිං නෙහ් ඉන්නෙ මේ දවස් වල ....
ඇත්තටම ගගා මන් කියන දේවල් අහනවද . . වෙලාවකට මට හිතෙනවා මන් තදින් හිතන දේවල් ගගාට ඇහෙනව දැනෙනවා කියලා ....මොකද දන්නවද දැන් දවස් ගානකට කලින් මන් ප්‍රාර්ථනා කරා ගගා කොන්ඩෙ වවලා බලන්න තියනම් කියලා ..
ඊටපස්සෙ කොන්ඩෙ වැව්වා ....
ඒ විතරක් නෙමෙ කොන්ඩෙ කපන්නෙ නැතුවම ලයිව් ආවා ....
ඇත්තටම ඒ කිට් එක ප්‍රසන්ට් කරපු මොඩ්ලර්ට නෙමෙ ඒක ගගාටම හදපු එකක් වගේ ...ඒක මාරම මාරම ලස්සනයි ....ඔන්න මන් මේ අවුරුද්දෙ දෙවෙනි වතාවට ලාඕ වන්ග් වයි ගගාවයි එක පාර ලයිව් බලාගත්තා .... යෝ ලයිව් දකින ෆීලින්ග් එක වෙනමම එකක් ....
කතා කරල වැඩක් නෑ .... ඒත් හැමදාම වගේ ලයිව් බලන දවසට මොකක් හරි එකක් කඩා පාත් වෙනවා ...නිදහසේ බලන්නම නෑ ....මන් අමතක වෙන්න කලින් කියන්නම්කො ... මට ගගාව හීනෙන් පෙනුනා .... ලස්සන හීනයක් ... හැබැයි මගෙ හිතත් සුට්ටක් විතර රිදුනා ...
මේමයි කොහෙන් කෝම පටන් ගත්තද දන්නෑ ගගා හිටියෙ අපේ ගෙදර ... මන් හිතන්නෙ ටුවර් එකක් ඇවිල්ලා මෙහෙට ... මෙහෙ ලොකු අය ගගාව දන්නෙ නැති තරන්නෙ ඒක් හින්දා ගගා නිදහසේ හිටියා ... අපේ ගෙදර ආවෙ ඇයිද කියන්න දන්නෑ හැබැයි බොඩිගාඩ්ස්ලා එක්ක ඇවිල්ලා හිටියේ ....
ඉතින් අම්මා එක්ක තමා වැඩියෙන්ම කතා කරේ ...මන් හිටියෙ කතා කරගන්න බැරුව ශොක් වෙලා ...ඇත්තටම මන් ඒකෙදි හිතුවෙ මන් හීනයක් දකිනවා කියලා.... ඊට පස්සෙ ගගා ආපහු යන්න යනකොට මට බායි කියාගන්නවත් සිහියක් තිබ්බෙ නෑ .. පස්සෙ අපේ මල්ලි ගගාට අරන් යන්න මොනාද මන්දා දීලා තිබුනා බොක්ස් එකක දාලා ....
ඕම ගගාගෙ බොඩිගාඩ් වාහනේට බඩු ටික අහුරලා දොර වහන්න යනකොටම මන් අතට අහුවුන බ්‍රෙස්ලට් එකක් අරගෙන වාහනේ ගාවට දුවගෙන ආවා ....
ඊට පස්සෙ මට ඇතුලට නගින්න ඉඩත් දුන්නා ...
ගගා හිටියෙ මැද ශීට් එකෙ නෙමෙ පිටිපස්සෙම ශීට් එකේ .. ඒ ටිකට ගගාට නින්ද ගිහින් තිබ්බා ....ඉතින් ඇහැරෙයි කියල බයට මන් හිමීට අත අරන් බ්‍රේස්ලට් එක දාන්න යනකොටම ගගාට ඇහැරුනා ...ගගාගෙ මැණික්කටුව සිනිදුයි ....ඉතින් මන් දාගන්න බැරුව ලත වෙනකොට ගගාට තරහා ගියානෙ ම්හුක් ....
ඊට පස්සෙ කිව්වා මන් මල්ලිගෙ බොක්ස් එකේම ඕක දාගන්නම් කමන්නෑ කියලා ....
ඒත් මට දුක හිතුන හින්දා මන් ඒකත් අරගෙන කාටවත් පේන්නෙ නැති වෙන්න ඒක එලියට විසිකරලා ... මූනත් එල්ලන් වාහනෙන් බැහැල ගියා ....ඊට පස්සෙ මට ලාවට ඇහුනා ගගා කියනවා ... ඒක රතුපාට එකක් උනානම් මට දාගනම ඉන්න තිබුනා කියල ....
අනේ මන් ගාව රතු නූලක් තියනවා ...මට ඒක අමතක උන .... පස්සෙ මන් විසිකරපු බ්‍රෙස්ලට් එක ආයම හොයාගෙන ගෙදරට ආවා ගගා නොපෙනි යනකන් බලන් ඉදලා ....
පස්සෙ මට හීනෙදිම හිතුනා ....ගගාට ගගාගෙම හේතු තියෙන්න ඇති ඒක නොදා ඉන්න කියලා ...ටර්ටල්ස්ලා සොලෝලා කියන කතා අහනවට වඩා නොදා ඉන්න එක හොදයි තමා ...
මන් ඒක තේරුම්ගන්නකොට හීනෙ ඇතුලෙදි පරක්කුයි ...
අනික ගගා රතු එකක් තිබ්බනම් කියල කිව්වෙ රතු ගගා කැශුවලි කෝමත් අම්මා හින්දා දානකොට හොයනවා අඩුයිනෙ ...මට සමාවෙන්න තත්පරේකට හරි ගගා එක්ක තරහා ගත්තට ...
ඒ හීනෙට දුක හිතුන පාර මට ඇහැරුනා ...සමහර හීන තියනවා අපි කවුරුත් දන්නවා ඒවා සැබෑවෙන්නෑ කියලා ...
ඒත් ඇත්ත ජීවිතේ ලබන්න බැරි දේවල් හීනෙකින් හරි ලබන්න පින තියෙන්න ඕනෙ ....මන් යනවා ගගා ....ආ තව දෙයක් ආය වාහනේක පිටිමපස්සෙවත් ඉස්සරහමවත් යන්න එපා ... එතකොට ඇක්සිඩන්ට් එකක් උනොත් ඩැමේජ් වෙන්න හැකියාව වැඩියි ....පුලුවන් තරන් මැදම යන්න ....
සතුටින් ඉන්න .... පරිස්සම් වෙන්න ....
YOU ARE READING
DayToy diary o_O
FanficNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣