2023.01.20

26 6 5
                                    

ගගා ...

සතියකින් විතර නේද ...

ඉතින් අහන්නකො ...

අද අපේ තර්ඩ් මන්ත් වෙඩින්ග් ඇනවසරි එක ගගා .. 😅
ගගාට මන් කිව්වෙ නෑනෙ ... මමයි ශිරූ බබායි බැන්දා ...
දැන් මාස තුනක් ... මට හිතාගන්න බැරි ඉස්සල්ලම සහෝදරියො දැන් වයිෆ් & වයිෆ් ...
මන් මගෙ ගූගල් වට්පෑඩ් එක තිබ්බ කාලෙ එයාගෙ පොත් කියෙව්වෙ ඉස්සල්ලාම ... වෝට් කරන්න විතරනෙ එතකොට පුලුවන් ඉතින්  ..  එයා ඒක දන්නෙ නෑ හැබැයි .. ඊට පස්සෙ මන් අකවුන්ට් එක හදාගත්තට පස්සෙ එයාගෙ ශෝර්ට් එකක් කියෙව්වා ...
ඒක මාරම ලස්සනයි ...පස්සෙ ගගා මන් දැනගත්තා එයා මට වඩා බාලයි කියලා හරිද ... ඉතින් හිතන්නකො ගගා පොඩි එක්කෙනෙක් එච්චර ලස්සනට ලියනකොට ..
ඒක හින්දා මන් එයාගෙන් ඇහුවා එයා ඇත්තටම බාලද කියලා ... ඔව් කිව්වා ඉතින් ..
ඊට පස්සෙ ඕම ඕම කමෙන්ට් මැසේජස් වලින් ගිහින් ගිහින් එයාගෙ කතාවක් ඇතුලෙදිම අපි දෙන්නා කසාදත් බැන්දා ... ශිශි යි ඔලීයි විදියට ... 

ඒත් අවුල කියන්නෙ ගගා මට අමතක උනා හරිද ඇනිවසරි එක ...
එයා කතා කරලා මගෙන් අහනවා අද දවස මොකද්ද කියලා ...
ඒත් මට මතක් උන්නැ ගග්ගෝ ....
පස්සෙ එයාම කිව්වා ...

ආය ගගා ...
අර මන් ක්‍රශ් එක කිව්වෙ ගගා ...
අන්න එයාව මට එපා වෙලා ගියා හරිද ...
මන් බයෝ නෝට් එකක් ඉල්ලුවා .. ඊට පස්සෙ එයා කියනවා එයා දවස් දෙකක් ගියෙ නෑලු ටිකයිලු තියෙන්නෙ ...මන් කිව්වා කමන්නැ ඒ ටික දෙන්න කියල ...
එතනින් පස්සෙ සීන් කරේවත් නෑ ....
මන් බැන්නා  ' තොට දෙන්න බැයිනම් බෑ කියපන්කො මගුල " කියලා ...

ඊට එහා මොකුත් කියන්න බෑනෙ ...මන් මැසේජ් කරන්නැනෙ කෝමත් ...
ගගා දන්නවද මන් එයා එක්ක මැසේජ් කරේ දවස් තුනයි ඒකත් ඕලෙවල් වලටත් කලින් ...

ඉතින් හිතන්නකො ගගා එයා නෝට් එකක් දෙන්න බැරි තරන් කුහකයි ...
අපි නම් ඉල්ලපුවාම තියනම් දෙනවනෙ ... නැතත් හොයලා හරි දෙන්න බලනවනෙ ...
මට එපා ඔහොම අය ...
ඉරිසියාවයි කුහක කමයි හුහ් ...

හරි හරි බනින්න එපා මන් ඇත්තනෙ කිව්වෙ ... හැමෝම එක වගේ හොද නෑනෙ .... ඔයාලගෙ වගෙ නෙමෙ ගගා අපේ රටේ ළමයි ළමයි අතර තියෙන්නෙ තරගයක් ...මට සතුටුයි එහෙම ළමයි අතරෙ මට හොද යාලුවො ටිකක් හම්බුන එකට ...

ඉතින් ගගා ඔයාලට අවුරුදු ලගයි නේහ් ....මේ පාර කොහෙද ඉන්නෙ ...චොන්ග්චින්ග් ද ...නැත්තන් කොහෙද ...
කොහෙ හිටියත් සතුටින් ඉන්න... ඔයාවම බලාගන්න ...

ආ මගෙ හොදම යාලුවගෙ අම්මගෙ යාලුවෙක් අද හොස්පිට්ල් ඇඩ්මිට් කරලා ...
ඒ ඇන්ටි ජිම් එකට ගිහින් ආවම කලන්තෙ කියලා වැටිලා ... දැන් හොස්පිට්ල්  .. සර්ජරි එකක් කරාලු ...
පව් ... අපේ වයස පුතෙකුයි තව දහය වසරෙ පුතෙකුයි ඉන්නෙ ...

මොන දේ නැති උනත් ඔයා ගැන හිතන්න ගගා ....ඔක්කොටම කලින් ඔයා පරිස්සන් වෙලා ඉන්න ...

පැය පහක්වත් නිදාගන්න ...බුදු සරණයි ...

DayToy diary o_OWhere stories live. Discover now