ගගා කොහොමද හුගකාලෙකින් ...
සනීපෙන් ඉන්නවා කියලා හිතනවා ... මමත් සනීපෙන් ...
තාම නිදි නෑ නේද ... දහයයි කාලට විතර ඇති දැන් වෙලාව ... ගගා රෑට කාලද ...
මතක් වෙනවා අනේ හුගක්ක් ....ඉතින් අහන්නකො ... එදා යන්න හිටපු ට්‍රිප් එක අපි ගියමාසෙ 26 වෙනිදා ගියා ...
වරදක් නෑ සතුටු උනා ... වැඩිපුරම මුහුද දකිනකොට ...මන් රැල්ල පෑගුවෙ අවුරුදු ගානකින්න් ... සතුටු උනා එදා නම් හුගක් .ඒත් දන්නවද එදා හවස අපි මුහුදෙ ඉන්නකොට ඕලෙවල් රිසාල්ට් ඇවිත් .. හොදම යාලුවට 9As ... තව අපි එක්ක ගිය හැමෝටම වගේ හොද රිසාල්ට් තිබ්බා ..
මට තිබ්බෙ 3As .. 5Bs ... C ...
ඔන්න ඕම ... C එක ඉතිහාසය හින්දා වැඩි දුකක් නෑ ...ඒත් මට එපා උනේ ගෙදර අයගෙන් බැනුම් අහලා ... නැ නෑ ගගා බැන්නා නෙමෙ ඇනුම් පද කිව්වා ... අරයට අරහෙමලු මෙයාට මෙහෙමලු ඔයාට තමා අඩුම කිය කිය ...
ඉතින් ඒ දවස්වල ඉදන් තාමත් ඔහොමයි ... එක එක ඒවා කියනවා ... එපා වෙනවා ගගා ...
මට තරහ යන්නෙ මොන වෙලාවටද දන්නවද ...මගෙන් අගනවා තාත්තා බයෝ කරන්න පුලුවන්ද කියලා ... ඉතින් මන් පුලුවන් හින්දනෙ තෝරගත්තෙ ... අනික ගගා මන් අවුරුදු ගානක ඉදන් බයෝ කරන්න බලාගෙන ආසාවෙන් හිටියෙ ඉතින් කොහොමද වෙන එකකට මාරු වෙන්නෙ ... මට තේරෙන්නැ මන් ආසයි කියල දැන දැනත් ඇයි පුලුවන්ද අහන්නෙ කියල... ආය කියනවා බෑ වගේනම් ඕන වෙලාවක කියන්න ලැන්වේජස් වලට එහෙම මාරු වෙන්න පුලුවන් කියලා ... මම සද්ද නැතුව හිටියා ...
ඉතින් අපි රිසාල්ට් ආවාම ඉස්කෝලෙට ගියා ටීචස් ලව හම්බෙන්න ... දන්නවද අපේ ක්ලාස් ටීචර් මට කියපු ඒවා ..
එයා අහනවා .. දැන් ඔය රිසාල්ට් එක තියාගන බයෝ කරන්න පුලුවන්ද ... ඔයා මේ අරන් තියෙන්නෙ ලොකු රිස්ක් එකක් .. ගොඩදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවද ..මන්දා මන් නම් මොකුත් කියන්නෑ ...ඔන්න ඔහොම කිව්ව ..මන් කටවහන් බිම බලාගන හිටියා ...
******************
ඉතින් ගගා අද ගියා අපි ඉස්කෝලෙට .. ඉන්ටර්විව් වලට ..අවුලක් උනේ නෑ පර්මිශන් හම්බුනා ...
ඒත් හොදම යාලුව අපේ පන්තියේ නෙමෙ ...
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣