ගගා ..
අවුරුදු පහකින් හරියටම අවුරුදු පහකින් මන් එක්ක මගෙ කස් එක හිනා උනා ..
මේ අද ...ජීවිතේ පලවෙනි වතාවට ...ඔන්න අද මන් බයෝ ක්ලාස් යන්න බස් හෝල්ට් එකේ අම්මා එක්ක හිටියා ...බස් තිබ්බෙ නෑ .. ඉතින් ඔන්න දොලහට බස් එකක් ආවා එකක් නෙමෙ .. එක ලග තුනක් ....
ඉතින් ප්‍රයිවට් එකේ ඉදගන්න ඉඩ තිබුන හින්දා මන් ඒකට නැග්ගා ... අම්මෝ යනවා නෙමෙ විදිනවා ... මන් ඉතින් අත් දෙකෙන්ම ශීට් එකත් මිරිකගන ඔලුව ශීට් එකට හේත්තු කරගෙන ඇස් දෙකත් තද කරගන වහගන හිටියා ... ටිකකින් බස් එක තව හෝල්ට් එකක නැවැත්තුවා ...මට දැනුනා මගෙ පිටිපස්සෙ ශීට් එකේ කවුරුහරි වාඩි වෙනවා .. මුලින්ම හේතුවක් නැතුව ඒ ක්‍රශ් එක තමා කියලා හිතුනට පස්සෙ බස් එකේ වේගෙ හින්දා තිබ්බ බයටම මට ඒක අමතක වෙලා ගියා ...
ඊට පස්සෙ අන්තිමට ටවුන් එකට ඇවිල්ලා මන් ශීට් එකෙන් නැගිටිනකොට මෙන්න එයා දොර ගාව හිටන් ඉන්නවා ..
ඒ එක්කම එයා මාත් එක්ක හිනා උනා ..
යකඩෝ ගගා කවදාවත් එයා මන් එක්ක හිනා වෙලා නෑ .... ඉතින් මන් ශොක් උන පාර මට හිනාවෙන්නවත් උනේ නෑ ... මට එතන නටන්න හිතුනා ...අපි ගෑවෙන නොගෑවෙන තරන් ලග හිටියෙ ... ඊට පස්සෙ ඉතින් අපි දෙන්නම බැහැලා කාස් එකට ගියා විශේශ දෙයක් උනේ නෑ ...මට අද අම්මට වැදලා යන්න බැරි උනා ..
අවුල් මොනා උනත් ...ආය ගගා මන් අද පලවෙනි පාරට මගෙ අත් දෙකෙන් සර්ජරි එකක් කරා ...
කනාමැදිරියෙක්ට ... මට ඇඩුනත් එක්ක බේරගන්න බැරි වෙයි කියලා ... ඌව මකුලුවෙක් කන්න හිතාගන මකුලු දැල් වලින් ඔතලා ...මන් ඒ දැල් ටික ගලවල ඌව බේර ගත්තා ... සාර්තකයි ... එයා දැන් හොදට ඇවිදිනවා ...ඉතින් ගගා දොලහට කාලයි නේද ... කාලද ...මහන්සිද ...
මටත් මහන්සී ... වැඩත් තියනවා ...ලයිටුත් නැ ....
ඔව් ඔව් මෙහෙ හැමදාම පැය දෙකයි විනාඩි විස්සක් කරන්ට් කපනවා ..
ලංකාවනෙ ...මන් යනවා ගගා අනේ ....
ගුඩ් නයිට් ....
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣