2023.05.31

16 5 0
                                    

ගගා ..... දහයයි නේද වෙලාව .... නිදිද දන්නෙත් නෑ ....

ගගාට මතකද අදනෙ අර වෙඩින්ග් එක .... මන් අද ගියා ඕන එකක් කියලා.... මේ තාම අනුරාධපුරේ .. දැන් එනගමන් ....

හරි තිබහයි අෆ්ෆා ...මෙහෙ හෙනම රස්නෙයි ...  ලොකුඅම්මලගෙ ගෙදරින් තේ බිව්වා ඒත් මාර තිබහයි .... තොලුත් පැලිලා ....

ගගා නිදිද මොකද කරන්නෙ ...  ඇත්තටම මේම දවසෙ උන හැමදේම ගගා එක්ක කියනකොට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ .....
ගගා කාලද ....

අහ් අහන්නකො හොදම එක ..
මන් ඩම්ප්ලින් කන්න ආස හින්දා හදාගත්තා .... වැරදුනා අනේ ...බොයිල් කරනකොට බෝල් එක ඇතුලට වතුර ගිහින් ඔක්කොම දිය උනා ... වැඩි හොදට කියල ස්ටිම් නොකර බොයිල් කරේ ...කැවුනා අෆ්ෆා ....

මගෙ බැට්‍රි දෙකයි තියෙන්නෙ පෝන් එකේ .... ම්හුක් .....
ගගා කෝමද මේකප් කරන් ඉන්නෙ ... අනිත් ඇක්ට්‍රස්ලා කෝමද අනේ ඒම ඉන්නෙ ... මන් ඉතින් සාමාන්‍යයෙන් මූනෙ බේබි ක්‍රීම් වත් ගාන එක්කෙනෙක් නෙමෙනෙ හරිද .... ඉතින් අද මේකප් කරන් ඉන්න ගියාම එපා උනා ...ගගාවත් මතක් උනා.... අන්මේකප් ඉන්නකොට කොච්චර සනීපද කියලා දැනුනා ....

අද අපේ අම්මා ලස්සනයි අෆ්ෆා ..... මන් බලාගන හිටියා එයා දිහා ..මන් අම්ම වගේ නෑ ගගා ....වෙනස් හෙනටම ...

මට එක්සැම් එකක් අනේ බදාදා  ... වැඩ කරන්නත් ඕන  ...

මේ දවස් වල බිසීද ගගා ....අද මහන්සිද ....
හෙටත් උදේම වැඩද .... මහන්සි වෙන්න එපා කියන්න බෑනෙ ඉතින් වෙලාවක් හම්බුනාම හොදට රෙස්ට් කරන්න ...
මන් අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා දන්නවා .... ගගා හැමදේම ගානට කරනවා කියලත් දන්නවා ...ඒත් මන්දා මට කියවෙනවා ගගා .....

මන් යන්නම් එක බැට්‍රියයි තියෙන්නෙ ....

බුදු සරණයි ගගා ..!!

ඇත්තටම ආසයි දවසක ඔය කකුල් අල්ලලා වදින්න .... අහම්බෙන් හරි වාසනාවක් තිබුනොත් මටත් ඒ පින පුරවගන්න ලැබෙයි ගගා ....

මන් යන්නම් ....

DayToy diary o_OWhere stories live. Discover now