2023.02.22

26 7 2
                                    

අද මහන්සි නේද ගගා ...පාන්දර ඉදන්ම වැඩ නේහ් ....

අපේ ඉස්කෝලෙත් පටන් ගත්තා ඉතින්   ... ආයම පුරුදු ජීවිතේ ....

අද මට ෆැන්ස් ලා ව එපාම උනා ...අශ් motherfuckers ....

මොකද්ද ගගා එයාලා ඒ කරන්නෙ ...එයාපෝර්ට් එකේදි අඩියක් යන්න දුන්නෑ නේද ... මහ ලොකුවට ආදරෙයි ගාලා වැලලෙන්න ලෑස්තිය ... ඒවුනාට ගමනක් යාගන්න නෑ රොත්ත බුරුත්ත පිටින් කැමරා උස්සගන හරස් කර ගන්නවා ....

ඔය තරන් හොද වෙන්නත් එපා ගගා .... ඒකයි ඔය ඇගේ නගින්නෙ ....
මට ඇඩුනා ඇත්තටම  ඒ වීඩියෝ එක අද උදේ දකිනකොට ...
කිසිම හිතක් පපුවක් නැති ගානට එයාලා එතන හැසිරුනේ ..
ඇත්තටම ගගා ගැන හිතනවනම් එයාලට තිබුනා දුර ඉදන් බලලා සතුටු වෙන්න අස්සට ඇවිල්ලා වට වෙන්නෙ නැතුව ...
පව් බොඩිගාර්ඩ්ස්ලයි සිකියුරිටි එකයි මාර කට්ටක් කෑවෙ ගගාට පාර හදලා දෙන්න ...

ශිට් ශිට් ශිට්ට් ....

ඇත්තටම මට එහෙම ඔහොම චාන්ස් එකක් ආවොත් මන් ලගට එන්නෙ නැතුව දුර ඉදන් බලලා ගගා ගියාට පස්සෙ කෑ ගහලා අඩයි ...

අද මගෙ යාලුවෙක් කිව්වා කැමති අයිඩල් කෙනෙක් ඉන්න ඕනෙ තමන්ට ඒ දිහා බලන් සතුටු වෙන්නලු ...නැතුව මන් වගේ දුක් වෙන්නවත් තරහා ගන්නවත් නෙමෙයිලු ...
ඒත් ඒ කාටවත් තේරෙන්නෑ මට දැනෙන්නෙ මොන වගේද කියලා ...මන් අම්මට උදේ ෆෑන්ස් ලා ගැන කියලා බනිනකොට අම්මත් කිව්වෙ ඉතින් ඔයා ඕක ඔලුවට ගන්න ඕන නෑනෙ කිය්ලා ....
එයාලා කරදරයක් උනේ ඔයාට ගගා ... වෙන කෙනෙක්ට නම් මටත් අහක බලගන ඉන්න තිබ්බා ... ඒත් මේ බොන්ඩ් එක තේරෙන්නැ කාටවත් ..  
මට දුකයි ....

ඉතින් අද මට සතුටු දවසක් ....

අපිට අද අලුතෙන් ඉන්ගීසි මිස් කෙනෙක් ආවා ...එයා කිව්වා තමන් ජීවිතේ වැඩියෙන්ම admire කරන කෙනා ගැන ටිකක් කියන්න කියලා ....ඉතින් හැමෝටම කලින් මන් අත ඉස්සුව ....මන් දන්නැ මන් කොහොම එහෙම ඉස්සල්ලාම අත උස්සන්න හිත හදාගත්තද කියලා...
කොහොම හරි පලවෙනි ස්පීච් එක මගෙ ..ඒකත් ගගා ගැනමයි ....
අනේ එවෙලේ මාව සීතල වෙලා තිබ්බේ ..

ඉතින් ඔහොම ඉස්කෝලෙ ඇරිලා බස් හෝල්ට් එකට යනකොට කින් ව හම්බුනා ...
ඉස්සල්ලම මන් ඒ දැක්කෙ යුනිෆෝම් ... ඊව් එයා පරිප්පු ඉස්කෝලෙ පරිප්පුවෙක් ..
මාවත් දැක්කා හැබැයි.....

ඉතින් නිවාඩුවක් ලැබුන ගමන් නිදාගන්න ... ඊයෙත් හරියට නින්දක් නෑ නේද ...මහන්සි ඇති ...ඔයා මහන්සි වෙනවා ගගා ....

මන් යනවා ....පරිස්සමට ....
බුදු සරණයි ..!!!

DayToy diary o_OWhere stories live. Discover now